ලෝකය දෙකට බෙදන එක පැත්තක ජාතික දිනය

Share post:

ඊයේට (12) යෙදුන රුසියාවේ ජාතික දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාව වෙත තම රටේ පූර්ණ සහයෝගය සහ ලබා දීමට සූදානම් බව පවසා තිබේ.

බලවත් රටක් බවට පත්වීමේ අභිමතාර්ථය උදෙසා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග අත්වැල් බැඳගැනීමට ද තමන් කැමති බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වැඩිදුරටත් සඳහන් කරයි.

නිල කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) සඳහන් කරන ආකාරයට සෘජුවම සඳහන් නොකලද යුක්‍රේන – රුසියා ගැටුම පිළිබඳ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අදහස් දක්වා තිබේ.

ඒ අනුව සතුරු හමුදාවන්ගේ උත්සන්න වන තර්ජන මැඩපැවැත්වීම සඳහා පුටින්ගේ මැදිහත්වීම “නිවැරදි බව ඔහුගේ අදහස වී තිබේ.

මේ අතර ඩොලර් මිලියන 350ක යුධ ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදෙන බව කැනඩාව පවසයි. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, පසුගිය (11) මේ බව නිවේදනය කළේ ය.

පෙර දැනුම්දීමකින් තොරව අග්‍රාමාත්‍යවරයා පසුගිය (10) හදිසියේ යුක්‍රේනයට පැමිණි අතර විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි එම ආධාර වලට අමතරව යුක්‍රේනයට අවශ්‍ය මිසයිල ලබාදීමට ද, අග්‍රාමාත්‍යවරයා එකඟ වී ඇත.

මේ අතර කැහෝවකා ජලාශයේ වේල්ල පුපුරා යාමත් සමග ඇතිවූ ජල ගැලීම් වලින් විපතට පත් ජනතාවට සහය සැපයීම සඳහා ඩොලර් මිලියන 7යි දශම 5ක මූල්‍ය ආධාරයක් ලබා දීමටද කැනඩාව ඉදිරිපත් විය.

ජලාශයේ වේල්ල පුපුරා යාමත් සමග ගම්මාන 80ක් පමණ ජලයෙන් යටවී ඇති අතර දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍යා වාර්තා කළේය.

විපතට පත් පිරිස් මුදාගැනීමේ කටයුතු සහ සහන සැපයීම සඳහා පසුගියදා බ්‍රිතාන්‍යද ඩොලර් මිලියන 20ක මානුෂීය ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදෙන බව නිවේදනය කළේ ය.

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...