ලෝකය දෙකට බෙදන එක පැත්තක ජාතික දිනය

Share post:

ඊයේට (12) යෙදුන රුසියාවේ ජාතික දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාව වෙත තම රටේ පූර්ණ සහයෝගය සහ ලබා දීමට සූදානම් බව පවසා තිබේ.

බලවත් රටක් බවට පත්වීමේ අභිමතාර්ථය උදෙසා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග අත්වැල් බැඳගැනීමට ද තමන් කැමති බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වැඩිදුරටත් සඳහන් කරයි.

නිල කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) සඳහන් කරන ආකාරයට සෘජුවම සඳහන් නොකලද යුක්‍රේන – රුසියා ගැටුම පිළිබඳ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අදහස් දක්වා තිබේ.

ඒ අනුව සතුරු හමුදාවන්ගේ උත්සන්න වන තර්ජන මැඩපැවැත්වීම සඳහා පුටින්ගේ මැදිහත්වීම “නිවැරදි බව ඔහුගේ අදහස වී තිබේ.

මේ අතර ඩොලර් මිලියන 350ක යුධ ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදෙන බව කැනඩාව පවසයි. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, පසුගිය (11) මේ බව නිවේදනය කළේ ය.

පෙර දැනුම්දීමකින් තොරව අග්‍රාමාත්‍යවරයා පසුගිය (10) හදිසියේ යුක්‍රේනයට පැමිණි අතර විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි එම ආධාර වලට අමතරව යුක්‍රේනයට අවශ්‍ය මිසයිල ලබාදීමට ද, අග්‍රාමාත්‍යවරයා එකඟ වී ඇත.

මේ අතර කැහෝවකා ජලාශයේ වේල්ල පුපුරා යාමත් සමග ඇතිවූ ජල ගැලීම් වලින් විපතට පත් ජනතාවට සහය සැපයීම සඳහා ඩොලර් මිලියන 7යි දශම 5ක මූල්‍ය ආධාරයක් ලබා දීමටද කැනඩාව ඉදිරිපත් විය.

ජලාශයේ වේල්ල පුපුරා යාමත් සමග ගම්මාන 80ක් පමණ ජලයෙන් යටවී ඇති අතර දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍යා වාර්තා කළේය.

විපතට පත් පිරිස් මුදාගැනීමේ කටයුතු සහ සහන සැපයීම සඳහා පසුගියදා බ්‍රිතාන්‍යද ඩොලර් මිලියන 20ක මානුෂීය ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදෙන බව නිවේදනය කළේ ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...