නැගී එන ක්‍රීඩිකාවන් ආසියානු කුසලානය වෙනුවෙන් හෙට තරග බිමට

Share post:

නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට (12) සඳුදා (12 වැනිදා) හොං කොං රාජ්‍යයේදී ආරම්භ වෙයි.

පළමු වරට පවත්වන මෙම තරගාවලිය සඳහා සත්කාරක හොං කොං රාජ්‍යය ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මලයාසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් නැගී එන කාන්තා කණ්ඩායම් තරග වදිනු ඇත.

ආසියානු කලාපයේ කාන්තා කණ්ඩායම් අතර තරගකාරීත්වය වර්ධනය කරගැනීම සහ කාන්තා ක්‍රිකට් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය පවත්වනු ලබයි.

මෙහි තරග කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ නැගී එන කාන්තා කණ්ඩායම බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

එමෙන්ම තරගාවලිය සමාරම්භය සනිටුහන් කරමින් හෙට (12) ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම
සත්‍යා සන්දීපනී (නායිකාව), මල්ෂා ෂෙහානි (උප නායිකාව), විශ්මි ගුණරත්න, උමේෂා තිමාෂිනී, ඉමේෂා දුලානි, පියුමි වත්සලා, සචිිනි නිසංසලා, කෞෂානි නෘත්‍යංගනා, තාරිකා සෙව්වන්දි, නිමේෂා මධුෂානි, නිලක්‍ෂණා සඳමිණි, මධුෂිකා මෙත්තානන්ද, රශ්මි සිල්වා සහ දෙව්මි විහංගා

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...