නැගී එන ක්‍රීඩිකාවන් ආසියානු කුසලානය වෙනුවෙන් හෙට තරග බිමට

Share post:

නැගී එන කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට (12) සඳුදා (12 වැනිදා) හොං කොං රාජ්‍යයේදී ආරම්භ වෙයි.

පළමු වරට පවත්වන මෙම තරගාවලිය සඳහා සත්කාරක හොං කොං රාජ්‍යය ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මලයාසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් නැගී එන කාන්තා කණ්ඩායම් තරග වදිනු ඇත.

ආසියානු කලාපයේ කාන්තා කණ්ඩායම් අතර තරගකාරීත්වය වර්ධනය කරගැනීම සහ කාන්තා ක්‍රිකට් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය පවත්වනු ලබයි.

මෙහි තරග කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ නැගී එන කාන්තා කණ්ඩායම බී’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

එමෙන්ම තරගාවලිය සමාරම්භය සනිටුහන් කරමින් හෙට (12) ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම
සත්‍යා සන්දීපනී (නායිකාව), මල්ෂා ෂෙහානි (උප නායිකාව), විශ්මි ගුණරත්න, උමේෂා තිමාෂිනී, ඉමේෂා දුලානි, පියුමි වත්සලා, සචිිනි නිසංසලා, කෞෂානි නෘත්‍යංගනා, තාරිකා සෙව්වන්දි, නිමේෂා මධුෂානි, නිලක්‍ෂණා සඳමිණි, මධුෂිකා මෙත්තානන්ද, රශ්මි සිල්වා සහ දෙව්මි විහංගා

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...