IMF සැප්තැම්බර් ණය වාරිකය ප්‍රමාදයි : වෙලාවට ණය හම්බෙනවා, බයවෙන්න දෙයක් නෑ – මුදල් රාජ්‍ය ඇමති

Share post:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නියමිත කාලසීමාවේදී නොලැබෙනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළකරති.

පසුගිය 31දා එම අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි. අද (11) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම සාකච්ඡාවේදී ණය වාරිකය ප්‍රමාද වීම පිළිබඳව සහ ඊට හේතු වන කරුණු පිළිබඳව අවධානය යොමු වූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම් මත සිදුකරන නව මහ බැංකු පනත් කෙටුම්පත සම්මත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමත්, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සීග්‍රයෙන් සිදුනොවීමත් මීට හේතු ලෙස දක්වා තිබේ. අදාළ පනත් කෙටුම්පත මේ වනවිට පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුල් ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ලැබිණි. සැලසුම් කරන ලද ආකාරයට එහි මීළඟ ණය වාරිකය ලබන සැප්තැම්බර් මාසයේදී ලැබිය යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ, ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ද සහභාගි වී ඇත.

වෙලාවට හම්බෙයි – මුදල් රාජ්‍ය ඇමති

මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ බව සඳහන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකයේ ප්‍රමාදය සම්බන්ධයෙන් thetime.lk මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහගෙන් විමසීමක් කළේය.

එහිදී ඇමතිවරයා සඳහන් කළේ එවැනි ප්‍රමාදයක් සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේදී අවධානය යොමු නොකළ බවයි. සැලසුම් කර ඇති ආකාරයට මීළඟ ණය වාරිකය ලංකාවට හිමි වනු ඇතැයි ද විශ්වාසය පළකළ ඇමතිවරයා, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු විධිමත් ව සිදුවෙමින් පවතින බව ද අවධාරණය කළේය.

එසේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා හදිසියේ සහභාගී වූ සාකච්ඡාවට හේතුව කුමක්දැයි අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ සාමාන්‍යයෙන් එවැනි නිරීක්ෂණ සිදු වන බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන ඉදිරි ආර්ථික ක්‍රියාවලියට වඩාත් වැදගත් බවත් ය.

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...