පළාත් සභා ඡන්දයක් ! : රනිල් TNA වෙත දැනුම් දෙයි : අරමුණ ඉන්දියාව : ජනාධිපතිවරණයක් නෑ – බැසිල්

Share post:

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී තිබේ.

එම සන්ධානයේ ප්‍රකාශකයෙක් මේ බව thetime.lk වෙත තහවුරු කළේය.

රනිල් – මෝදි හමුව

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන ජූලි 10දා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ නියෝජියන් ද දැනුවත් කිරීමට නියමිත බවයි. ඒ, ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී ය. මෙම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිතයන් රැසක් මුණගැසීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් පිරිසක් සමග ද ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිලුත් කියයි

මේ අතර ඊයේ (09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ රැස්වීමකදී ද එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවධාරණය කර ඇත්තේ පළාත් සභා මැතිවරණයක් මුලින් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

ඉන්දීය බලපෑම

ඉන්දීය බලපෑම මත මෙසේ පළාත් සභා මැතිවරණය පවත්වන බව බැසිල් රාජපක්ෂ පැවසූයේ යැයි ද මෙම රැස්වීම සම්බන්ධයෙන් වාර්තා කළ news19.lk වෙබ්අඩවිය සඳහන් කර තිබිණි.

සුමන්තිරන්ගේ යෝජනාව

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඉදිරිපත් කළ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. එම කෙටුම්පත සම්මත වුවහොත් 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අහෝසි වේ. එනම් පැරණි මනාප ක්‍රමයට ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් වාර්තා වන්නේ ඔවුන්ගේ අපේක්ෂාව මුලින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම වන බවයි. එහිදී එක්ව තරග කිරීම සහ ජනප්‍රිය අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වමින් සිටී.

විකල්ප දෙක

2021 මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකට එවකට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවක දැක්වෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන විකල්ප දෙකක් ඇති බවයි. පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම හෝ නව පනත සංශෝධනය කර මිශ්‍ර ක්‍රමයට මැතිවරණය පැවැත්වීම එම විකල්ප දෙක ලෙස දැක්විණි.

පළාත් පාලන නෑ

මේ අනුව දැනට නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල්දැමීමට නියමිත ය. එම මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබුණේ පසුගිය මාර්තු 09දා ය.  

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...