පළාත් සභා ඡන්දයක් ! : රනිල් TNA වෙත දැනුම් දෙයි : අරමුණ ඉන්දියාව : ජනාධිපතිවරණයක් නෑ – බැසිල්

Share post:

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී තිබේ.

එම සන්ධානයේ ප්‍රකාශකයෙක් මේ බව thetime.lk වෙත තහවුරු කළේය.

රනිල් – මෝදි හමුව

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන ජූලි 10දා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ නියෝජියන් ද දැනුවත් කිරීමට නියමිත බවයි. ඒ, ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී ය. මෙම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිතයන් රැසක් මුණගැසීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් පිරිසක් සමග ද ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

බැසිලුත් කියයි

මේ අතර ඊයේ (09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ රැස්වීමකදී ද එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවධාරණය කර ඇත්තේ පළාත් සභා මැතිවරණයක් මුලින් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

ඉන්දීය බලපෑම

ඉන්දීය බලපෑම මත මෙසේ පළාත් සභා මැතිවරණය පවත්වන බව බැසිල් රාජපක්ෂ පැවසූයේ යැයි ද මෙම රැස්වීම සම්බන්ධයෙන් වාර්තා කළ news19.lk වෙබ්අඩවිය සඳහන් කර තිබිණි.

සුමන්තිරන්ගේ යෝජනාව

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඉදිරිපත් කළ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. එම කෙටුම්පත සම්මත වුවහොත් 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අහෝසි වේ. එනම් පැරණි මනාප ක්‍රමයට ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් වාර්තා වන්නේ ඔවුන්ගේ අපේක්ෂාව මුලින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම වන බවයි. එහිදී එක්ව තරග කිරීම සහ ජනප්‍රිය අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වමින් සිටී.

විකල්ප දෙක

2021 මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකට එවකට පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවක දැක්වෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන විකල්ප දෙකක් ඇති බවයි. පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම හෝ නව පනත සංශෝධනය කර මිශ්‍ර ක්‍රමයට මැතිවරණය පැවැත්වීම එම විකල්ප දෙක ලෙස දැක්විණි.

පළාත් පාලන නෑ

මේ අනුව දැනට නාමයෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල්දැමීමට නියමිත ය. එම මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබුණේ පසුගිය මාර්තු 09දා ය.  

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...