සෞඛ්‍ය සම්පන්න දරුවන් වෙනුවෙන් CBL සමපෝෂ U14 – 2023 !

Share post:

12 වැනි  ‘CBL සමපෝෂ U14 අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය 2023’   මේ මස අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වේ.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SLSFA) ශ්‍රී ලංකා පාපන්දු සංගමය හා එක්ව සංවිධානය කර පවත්වනු ලබන මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි. 

තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000 ක් සහභාගී වනු ඇති අතර,  දිස්ත්‍රික්ක විසිපහ පුරා විසිරී ඇති මධ්‍යස්ථාන 32කදී බාලක කණ්ඩායම් 470ක් සහ බාලිකා කණ්ඩායම් 130ක් ඊට තරග කරනු ඇත.  

එමෙන්ම මෙවර තරගාවලිය සඳහා අවශ්‍යනම් එක් පාලසකින් කණ්ඩායම් දෙකක් බැගින් තරගාවලියට ඉදිරිපත් කළ හැකි වන අතර එමගින් වැඩි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට තරග කිරීම අවස්ථව උදාවනු ඇති බව ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග පවසා සිටියේය.  

තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග ජූනි 13 වැනිදා ආරම්භ වන අතර අවසාන වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරග ජූලි 22,23, සහ 24 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ජුලි 29 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී බාලක බාලික අවසන් මහා තරග පැවැත්වීමට නියමිතව ඇත. 

එහිදී හොඳම ක්‍රීඩකයා (බාලක), හොඳම ක්‍රීඩිකාව (බාලිකා) සහ හොඳම ගෝල රකින්නා සඳහා ද විශේෂ පුද්ගල සම්මාන පිරිනැමේ. 

“සෞඛ්‍ය සම්පන්න, දරුවන් පිරිසක් බිහි කිරීම අපගේ මූලික අරමුණක්.  දරුවන් අතර හොඳ පුරුදු ඇති කිරීම  වගේම ක්‍රීඩාව මගින් ඔවුන්ගේ ශාරීරික ශක්තිය සහ විඳදරාගැනීම වැඩි දියුණු කරන අතරම දරුවන්ට හික්මීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉගැන්වීම, කදිම මෙවලමක් තමයි ක්‍රීඩාව කියන්නේ .  ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සමඟ එක්ව අපගේ දශකයක අධික දිගුකාලීන දායකත්වය මගින්  සෞඛ්‍ය සම්පන්න, පරම්පරාවක් ගොඩනැගීමට දායක වීමට අප  බලාපොරොත්තු වනවා. CBL ආහාර සමූහය වෙනුවෙන් එහි  ප්‍රධාන විධායක නිලධාරී –  තිලංක ද සොයිසා  පවසා සිටියේය.  

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...