සෞඛ්‍ය සම්පන්න දරුවන් වෙනුවෙන් CBL සමපෝෂ U14 – 2023 !

Share post:

12 වැනි  ‘CBL සමපෝෂ U14 අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය 2023’   මේ මස අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වේ.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SLSFA) ශ්‍රී ලංකා පාපන්දු සංගමය හා එක්ව සංවිධානය කර පවත්වනු ලබන මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි. 

තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000 ක් සහභාගී වනු ඇති අතර,  දිස්ත්‍රික්ක විසිපහ පුරා විසිරී ඇති මධ්‍යස්ථාන 32කදී බාලක කණ්ඩායම් 470ක් සහ බාලිකා කණ්ඩායම් 130ක් ඊට තරග කරනු ඇත.  

එමෙන්ම මෙවර තරගාවලිය සඳහා අවශ්‍යනම් එක් පාලසකින් කණ්ඩායම් දෙකක් බැගින් තරගාවලියට ඉදිරිපත් කළ හැකි වන අතර එමගින් වැඩි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට තරග කිරීම අවස්ථව උදාවනු ඇති බව ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග පවසා සිටියේය.  

තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග ජූනි 13 වැනිදා ආරම්භ වන අතර අවසාන වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරග ජූලි 22,23, සහ 24 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ජුලි 29 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී බාලක බාලික අවසන් මහා තරග පැවැත්වීමට නියමිතව ඇත. 

එහිදී හොඳම ක්‍රීඩකයා (බාලක), හොඳම ක්‍රීඩිකාව (බාලිකා) සහ හොඳම ගෝල රකින්නා සඳහා ද විශේෂ පුද්ගල සම්මාන පිරිනැමේ. 

“සෞඛ්‍ය සම්පන්න, දරුවන් පිරිසක් බිහි කිරීම අපගේ මූලික අරමුණක්.  දරුවන් අතර හොඳ පුරුදු ඇති කිරීම  වගේම ක්‍රීඩාව මගින් ඔවුන්ගේ ශාරීරික ශක්තිය සහ විඳදරාගැනීම වැඩි දියුණු කරන අතරම දරුවන්ට හික්මීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉගැන්වීම, කදිම මෙවලමක් තමයි ක්‍රීඩාව කියන්නේ .  ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සමඟ එක්ව අපගේ දශකයක අධික දිගුකාලීන දායකත්වය මගින්  සෞඛ්‍ය සම්පන්න, පරම්පරාවක් ගොඩනැගීමට දායක වීමට අප  බලාපොරොත්තු වනවා. CBL ආහාර සමූහය වෙනුවෙන් එහි  ප්‍රධාන විධායක නිලධාරී –  තිලංක ද සොයිසා  පවසා සිටියේය.  

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...