ජිම් හයින්ස් : තත්පර 10ට අඩුවෙන් මීටර් 100 දිවූ පළමු ධාවකයා වෙනුවෙන් ලෝක මලල ක්‍රීඩා ආයතනය ශෝකය පළකරයි !

Share post:

වසර 15ක් ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලී ලත් ඔලිම්පික් ශූර, ඇමෙරිකා එක්සත් ජනපද කෙටි දුර ධාවන ශූර ජිම් හයින්ස් මිය ගොස් තිබේ.

මීටර් 100 ධාවන තරගයක් තත්පර 10කට අඩු කාලයකින් නිමකළ පළමු මිනිසා වූ හයින්ස් මියයන විට 76 හැවිරිදි වියේ පසුවිය.

හයින්ස් 1968 වසරේදී කැලිෆෝනියාවේ පැවැති එක්සත් ජනපද ශූරතා තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.9කින් නිමකරමින් එම වාර්තාවට උරුමකම් කීවේය.

ඔහු එම වසරේ දී ම මෙක්සිකෝ නගරයේ පැවති ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.95කින් කාලයකින් එම ඉසව්ව නිම කළේය.

1983 වසරේදී අමෙරිකාවේ කැල්වින් ස්මිත් විසින් තත්පර 9.93ක කාලයක් වාර්තා කරමින් හයින්ස්ගේ වාර්තාව බිඳහෙළන තෙක් වසර 15කට ආසන්න කාලයක් ලොව වේගවත්ම පුද්ගලයා ලෙස හයින්ස් හඳුන්වනු ලැබිණි.

හයින්ස් 1946දී ආකැන්සාස් ප්‍රාන්තයේ උපත ලැබූ නමුත් හැදී වැඩුණේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි ය. ඔහු උසස් අධ්‍යාපනය ලබන අවධියේ බේස්බෝල් ක්‍රීඩාවේ දක්ෂයෙකු වූ අතර, ටෙක්සාස් සදර්න් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසුව එහිදී කෙටි දුර ධාවකයෙකු ලෙස සිය පුහුණුවීම් ආරම්භ කළේය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රවෘත්තිය පිළිබඳව තමන් දැඩි ලෙස ශෝකයට පත්වන බවයි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...