ජිම් හයින්ස් : තත්පර 10ට අඩුවෙන් මීටර් 100 දිවූ පළමු ධාවකයා වෙනුවෙන් ලෝක මලල ක්‍රීඩා ආයතනය ශෝකය පළකරයි !

Share post:

වසර 15ක් ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලී ලත් ඔලිම්පික් ශූර, ඇමෙරිකා එක්සත් ජනපද කෙටි දුර ධාවන ශූර ජිම් හයින්ස් මිය ගොස් තිබේ.

මීටර් 100 ධාවන තරගයක් තත්පර 10කට අඩු කාලයකින් නිමකළ පළමු මිනිසා වූ හයින්ස් මියයන විට 76 හැවිරිදි වියේ පසුවිය.

හයින්ස් 1968 වසරේදී කැලිෆෝනියාවේ පැවැති එක්සත් ජනපද ශූරතා තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.9කින් නිමකරමින් එම වාර්තාවට උරුමකම් කීවේය.

ඔහු එම වසරේ දී ම මෙක්සිකෝ නගරයේ පැවති ඔලිම්පික් තරගාවලියේදී මීටර් 100 තරගය තත්පර 9.95කින් කාලයකින් එම ඉසව්ව නිම කළේය.

1983 වසරේදී අමෙරිකාවේ කැල්වින් ස්මිත් විසින් තත්පර 9.93ක කාලයක් වාර්තා කරමින් හයින්ස්ගේ වාර්තාව බිඳහෙළන තෙක් වසර 15කට ආසන්න කාලයක් ලොව වේගවත්ම පුද්ගලයා ලෙස හයින්ස් හඳුන්වනු ලැබිණි.

හයින්ස් 1946දී ආකැන්සාස් ප්‍රාන්තයේ උපත ලැබූ නමුත් හැදී වැඩුණේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි ය. ඔහු උසස් අධ්‍යාපනය ලබන අවධියේ බේස්බෝල් ක්‍රීඩාවේ දක්ෂයෙකු වූ අතර, ටෙක්සාස් සදර්න් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පසුව එහිදී කෙටි දුර ධාවකයෙකු ලෙස සිය පුහුණුවීම් ආරම්භ කළේය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රවෘත්තිය පිළිබඳව තමන් දැඩි ලෙස ශෝකයට පත්වන බවයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...