20 වැනි ආසියානු 20 න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය : ශ්‍රී ලංකාවට පදක්කම් 05 ක්

Share post:

දකුණු කොරියාවේ යෙචියොන් නුවර දී පසුගිය (4) වැනිදා ආරම්භ වුණු 20 වැනි ආසියානු 20 න් පහළ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ රන් පදක්කම් දෙකක් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව මේ වනවිට පදක්කම් සටහනේ 04 වැනි ස්ථානයේ පසුවෙයි.

එහිදී මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම තරුෂි දිල්හාරා කරුණාරත්න දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 400×4 සහාය දිවීම තරගයේ රන් පදක්කමද ශ්‍රී ලංකාවට හිමිවිය.

එමෙන්ම මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

තරුෂි දිල්හාරා කරුණාරත්න තත්පර 53.70 කට තරය නිමා කරමින් එහි රිදි පදක්කම දිනා ගත් අතර ජයෙෂි උත්තරා තත්පර 55.51කට තරගය නිමා කරමින් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

එමෙන්ම ඊයේ (05) දිනයේදී තුන් පිම්ම පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මලිත් යසිරු සමත් විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...