නොවැරදීම ඔබ එන්න ජූනි 14 සවස 3ට ‘කඳු නගින්නෝ’ හමුවන්න….

Share post:

නොවැරදීම ඔබ එන්න
ජූනි 14 සවස 3ට
මහවැලි කේන්ද්‍රයට
ආරියවංශ රණවීරගේ
‘කඳු නගින්නෝ’ හමුවන්න….

දෙසුම්
සුනිල් විජේසිරිවර්ධන
දිලිප් කුමාර් ලියනගේ

කරදර කළෙමි
නගරයේ
සියලුම
පද’දුරන් හට

කඳු කඳු
ගොඩගැසී ඇත
ව්‍යාකරණ පොත්
මේසය මත

කියන්න
මට
ඔබට නිසි විශේෂණය
ඔබමද?

රණවීර

චූලානන්ද සමරනායක

යතුර

කඳු නගින්නට
ගගන සරන්නට
කණිකා දකින්නට
රන්‍ රෝස වවන්නට
රන් සුණු පොළන්නට
ගිනි ද සිසිල ද එකට ගෙන
ඉන් ඇවිලෙන්නට
දුන් යතුර ද මේ

සීතා කුමාරිය සමගින්
අගනුවර සීතාඑළියක නිවසන
ෆ්‍රොස්ට්- විට්මන් සොයා
අකනිටා ලෝතලහි සැරිසරනතු’ර

ඇමරිකා කව් අරණේ
දොරගුළු විවර කළ
යතුර ද මේ

ඔබ සතු ධනය
ඔබ ලියූ කවි
ඒ හතර මහා නිධානයේ
අගුළ ඇර ‘හායි’ ගා
සේසත ම අපට පැවරූ
දානපති කවියා ද ඔබ

ආරක්ෂක අමාත්‍යංශයේ සිටිමින් ම
කවියෙකු වූයේ ඔබ පමණි
දකුණත බිඳෙද්දී නිතර
කවි යතුර අත නෑර
බෙබෙල් කොත බැඳි
සුරතුර වන් දෑත

ජීවිත කාලයක් වැර යොදා
කවි බරුව තල්ලු කරත මුදුනට ම
පෙරළා රූටන බව දැන දැන ම
අලුයම කඳු පාමුලට නැවත නැවතත්
අප කෙරේ දයාවෙන් ම
ඒ මහා දඬුවම වැළඳ ගත්
අපේ සිසිපස් කිවිඳු ඔබ ය

සඳ ඇබින්දක් මදි යි කී
‘චූළ කිවිඳුනි’
එය යි ඔබ රුචි කළ යෙදුම
සඳ එන්න මුළුමනින් පායලා
ඔබේ ගෙට.

දිනය වෙන් කරමු මගේ මිතුරු මිතුරියනි. ආචාර්‍ය ආරියවංශ රණවීර කිවිඳුන්ගේ නවතම කව් රොන් සුණු දෝත, “කඳු නගින්නෝ” දොරට වැඩුම. දිනය – 2023.06.14

හිනිදුම සුනිල් සෙනෙවි

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...