නොවැරදීම ඔබ එන්න ජූනි 14 සවස 3ට ‘කඳු නගින්නෝ’ හමුවන්න….

Share post:

නොවැරදීම ඔබ එන්න
ජූනි 14 සවස 3ට
මහවැලි කේන්ද්‍රයට
ආරියවංශ රණවීරගේ
‘කඳු නගින්නෝ’ හමුවන්න….

දෙසුම්
සුනිල් විජේසිරිවර්ධන
දිලිප් කුමාර් ලියනගේ

කරදර කළෙමි
නගරයේ
සියලුම
පද’දුරන් හට

කඳු කඳු
ගොඩගැසී ඇත
ව්‍යාකරණ පොත්
මේසය මත

කියන්න
මට
ඔබට නිසි විශේෂණය
ඔබමද?

රණවීර

චූලානන්ද සමරනායක

යතුර

කඳු නගින්නට
ගගන සරන්නට
කණිකා දකින්නට
රන්‍ රෝස වවන්නට
රන් සුණු පොළන්නට
ගිනි ද සිසිල ද එකට ගෙන
ඉන් ඇවිලෙන්නට
දුන් යතුර ද මේ

සීතා කුමාරිය සමගින්
අගනුවර සීතාඑළියක නිවසන
ෆ්‍රොස්ට්- විට්මන් සොයා
අකනිටා ලෝතලහි සැරිසරනතු’ර

ඇමරිකා කව් අරණේ
දොරගුළු විවර කළ
යතුර ද මේ

ඔබ සතු ධනය
ඔබ ලියූ කවි
ඒ හතර මහා නිධානයේ
අගුළ ඇර ‘හායි’ ගා
සේසත ම අපට පැවරූ
දානපති කවියා ද ඔබ

ආරක්ෂක අමාත්‍යංශයේ සිටිමින් ම
කවියෙකු වූයේ ඔබ පමණි
දකුණත බිඳෙද්දී නිතර
කවි යතුර අත නෑර
බෙබෙල් කොත බැඳි
සුරතුර වන් දෑත

ජීවිත කාලයක් වැර යොදා
කවි බරුව තල්ලු කරත මුදුනට ම
පෙරළා රූටන බව දැන දැන ම
අලුයම කඳු පාමුලට නැවත නැවතත්
අප කෙරේ දයාවෙන් ම
ඒ මහා දඬුවම වැළඳ ගත්
අපේ සිසිපස් කිවිඳු ඔබ ය

සඳ ඇබින්දක් මදි යි කී
‘චූළ කිවිඳුනි’
එය යි ඔබ රුචි කළ යෙදුම
සඳ එන්න මුළුමනින් පායලා
ඔබේ ගෙට.

දිනය වෙන් කරමු මගේ මිතුරු මිතුරියනි. ආචාර්‍ය ආරියවංශ රණවීර කිවිඳුන්ගේ නවතම කව් රොන් සුණු දෝත, “කඳු නගින්නෝ” දොරට වැඩුම. දිනය – 2023.06.14

හිනිදුම සුනිල් සෙනෙවි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...