“අපි අපගේ ඔලිම්පික් පදක්කම් ගංගා නදියේ ගිල්වා දමන්නෙමු ‘‘-Vinesh Phoga

Share post:

-Vinesh Phogat ඔලිම්පික් පදක්කම් දරන්නිය ඉන්දියාව

එය දූෂකයෙකුට එරෙහිව දැවන්න කාන්තා සටනකි සටනේ ඉදිරියෙන්ම සිටින්නේ ඔලිම්පික් පදක්කමි ලෝක ශූරතා සහ ආසියානු ූශුරතා දිනාගත් ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩිකාවන්ය.

ලිංගික හිරිහැර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නේ කාන්තා මල්ලව පොර සංගමයේ සභාපති බ්‍රිජ් භූෂන් ෂරන් සිංය හේ ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රබල මන්ත්‍රී වරයෙක් මෙන්ම පාලක නරේන්ද්‍ර මෝදිගේ ගජයෙකි.
ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනය කරනු ලබන ආන්දෝලනාත්මක චරිතය. ඉන්දියාවේ නව පාර්ලිමේන්තුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූයේ ගොඩනැගිල්ලෙන් පිටත සිටින තමාගේ පින්තූරයක් ෆේස්බුක් හි පළ කරමිනි.

ඔහු ලිංගික අතවර කිරීම් පිළිබඳ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, එම ඉල්ලීම සඳහා පොලිසියට සාක්ෂි ලබා නොදී, විරෝධතා පිටුපස විරුද්ධ පක්ෂ සිටින බවට චෝදනා කරමින්, මල්ලවපොර ක්‍රීඩකයින් දේශපාලන ක්‍රීඩාවක් කරන බවට චෝදනා කළේය.

අප්‍රේල් මාසයේදී, රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විරෝධතා සහ මැදිහත්වීමෙන් පසුව, දිල්ලි පොලිසිය සිංට එරෙහිව බාලවයස්කාර දැරියකට ලිංගික හිරිහැර කිරීම ඇතුළු නඩු දෙකක් ලියාපදිංචි කළේය. එහෙත් පොලිසිය මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගත්තේ නැත.
“බ්‍රිජ් භූෂාන්ට එරෙහිව (නඩුවක්) ලියාපදිංචි කිරීමට දිල්ලි පොලිසියට දින 7ක් ගතවේ… සාමකාමීව විරෝධතා දැක්වීම සම්බන්ධයෙන් අපට එරෙහිව (නඩුවක්) ලියාපදිංචි කිරීමට පැය 7ක්වත් ගත වූයේ නැත,” ලෝක මළල ශුරතා පදක්කම් ලාභිනයකවු සාක්ෂි මලික් ලිවීය. “මේ රටේ ඒකාධිපති පාලනයක් පටන් අරන්ද? රජය තම ක්‍රීඩකයන්ට සලකන ආකාරය මුළු ලෝකයම බලාගෙන ඉන්නවා ‘‘

ඒ අතර ඔහුව අත්අඩංගුවට ගන්නැයි විරෝධතා දක්වන මල්ලවපොර ක්‍රීඩකයින් පවසන්නේ ඔවුන් තම පදක්කම් ගංගාවේ ගිල්වා දමන බවයි. ඒ අනුව මල්ලවපොර ක්‍රීඩකාවන් මැයි 27 සවස 6 ට හරිද්වාර් හි හර් කි පෞරි වෙත පැමිණ ඇත්තේ ඔවුන්ගේ පදක්කම් ගංගාවේ ගිල්වාලීම සඳහා ය. ඔවුන් වටකරගත් විශාල ජනකායක් සහ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් පැය එකහමාරකට වැඩි කාලයක් එම ස්ථානයේ රැඳී සිටියහ. ගං ඉවුරේ ඔවුනොවුන්ගේ පදක්කම් අතැතිව ශෝකයෙන් හිස්නවා හිඳගෙන. පොලිසිය ඔවුන්ගේ ඉල්ලීම ඉටුකරන බැව් පැවසූ විට විරෝධතාකරුවන් දිල්ලියේ වින්ගේට් වෙත පැමිණියහ.

දිල්ලි පොලිසිය අඟහරුවාදා ප්‍රකාශ කළේ මල්ලවපොර ක්‍රීඩකයින්ට ඉන්දියා ගේට් හි විරෝධතා දැක්වීමට ඉඩ නොදෙන අතර එය “ජාතික ස්මාරකයක් මිස පෙලපාලි සඳහා ස්ථානයක් නොවන” බවය.
එවිට ඔලිම්පික් පදක්කම් දිනාගත් වින්ගේෂ් පොගාට් පවසා තිබුනේ ‘‘ඉන්දියා ගේට් එක රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ ස්ථානයයි. අපි ඔවුන් තරම් ශුද්ධ නොවෙමු, නමුත් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කරන විට අපගේ හැඟීම් එම සොල්දාදුවන්ට සමානයි” යනුවෙනි. අනතුරුව ඔවුහු නරේන්ද්‍ර මෝදි නව පාර්ලිමේන්තුව විවෘතකරනදා, මල්ලවපොර ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ‘මහාපංචායට්’ නැමැති නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙසට ගමන් කිරීමට පෙර ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමූවෝය. එහෙත් ජන්තර් මන්තාර් හි විරෝධතා භූමියේ නාට්‍යමය දර්ශනය දිග හැරෙන විට, පසුගිය ඉරිදා දිල්ලි පොලිසිය, ලෝක ශූරතා ලෝකඩ ජයග්‍රාහක විනේෂ් ෆොගට් සහ තවත් ඔලිම්පික් පදක්කම්ලාභීනියන් වන බජ්රංග් පුනියා සමඟ ම අත්අඩංගුවට ගත් අතර පසුව නීතිය හා සාමය කඩ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව FIR ගොනු කළේය.

උපාලි ජයසිංහ

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...