අධ්‍යක්ෂවරියන් දෙදෙනෙක් හැත්තෑහය වසරක (1947 -2023 ) කාන් සිනමා සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරයි

Share post:

කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී Grand Fix ත්‍යාගය දිනාගත් චිත්‍රපටය කුමක්ද ?

මැලේසියානු ජාතික ප්‍රතිභාපූර්ණ චිත්‍රපට අධ්‍යක්ෂවරියක වූ අමන්ඩා න්ල්-ඉවූ ( Amanda Nell Eu / B 1985 ) විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද Tiger Stripes – 2023 චිත්‍රපටය මෙවර කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ දී Grand Fix ත්‍යාගය දිනාගන්නා ලදි.මේ සමගින් මැලේසියානු සිනමාව ලෝක සම්භාව්‍ය සිනමවාට එකතුවූ අතර චිත්‍රපට අධ්‍යක්ෂවරිය ලොව ඉහළම අන්තර්ජාතික සිනමා සම්මානයක් දිනාගත් පළමු මැලේසියානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරිය වූවාය .
Spcyspocal Thriller ශානරයට අයත්වන මෙම චිත්‍රපටය 2023 මැයි මස 17 වැනි දින සිට යුරෝපීය හා මැදපෙරදිග ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ ය.

චිත්‍රපටය නාමාවලිය
Directed by
Amanda Nell Eu

Written by
Amanda Nell Eu

Produced by
Foo Fei Ling
Patrick Mao Huang
Fran Borgia
Juliette Lepoutre
Pierre Menahem
Jonas Weydemann
Ellen Havenith
Yulia Evina Bhara
Starring
Zafreen Zairizal
Deena Ezral
Piqa
Shaheizy Sam
June Lojong
Khairunazwan Rodz
Fatimah Abu Bakar
Cinematography
Jimmy Gimferrer
Edited by
Carlo Francisco Manatad
Music by
Gabber Modus Operandi
Predation company
Ghost Grrrl Pictures
Release date
17 May 2023 ( Cannes )
Running time
95 minutes
Countries
Malaysia
Taiwan
Singapore
France
Germany
Netherlands
Indonesia
Qatar
Language
Malay

අධ්‍යක්ෂකවරියගේ වතගොත

London Film School වෙතින් සිනමාව හා සිනමාකරණය පිළිබඳව උපාධිය ලැබ පළමුව වාර්තා චිත්‍රපටයකරණයට ද දෙවැනුව තිර රචිකාවියක් වශයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි අමන්ඩා න්ල් – ඒවූ මැලේසියානු සිනමාවේ වර්තමානයේ ජාත්‍යන්තර සලකුණ බවට පත්ව ඇත්තේ ය. ඇය තිර රචනයා ලියා අධ්‍යක්ෂණය කරන ලද පළමු චිත්‍රපටය වූයේ it’s Easoer to Raise
Cattle – 2017 ය. ඉක්බිතිව ඇය,Vineger Baths – 2018 චිත්‍රපටය නිර්මාණය කළාය . මෙය වඩාත් ජාත්‍යන්තර අවධානය දිනාගත් ඇයගේ පළමු වැදගත්ම චිත්‍රපටය විය.තෙවැනුව ඇය විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ Tiger Stripes චිත්‍රපටය යි.

විශේෂ සටහන

මෙන්න … ලෝක සිනමාව තුළ සිදුවන හා තවදුරටත් සිදුවමින් පවති යථාර්ථය.
එනම් ඒ කුමක්ද ? මැලේසියානු චිත්‍රපටයක් ලෝකයේ අංක එකේ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ
දී Grand Fix ත්‍යාගය දිනාගැනීමයි.
ඒ අනුව මැලේසියානු සිනමාව ලෝක සම්භාව්‍ය සිනමාවට නොඑසේ නම් මහා සිනමාවට ඉමහත් අභිමානයෙන් එක්වන්නේ ය.

මෙහි මා දකින සුවිශේෂ කාරණාවක් තිබේ. එනම් ඒ ඉස්ලාමීය ආගමික සමාජයක් තුළ කාන්තාවකට සමාජය තුළ සක්‍රීයව ක්‍රියාත්මක වීමේදී පිරිමි පාර්ශවයට වඩා ආගමික හා සංස්කෘතික වශයෙන්ම කිසියම් වූ බාධක හා අභියෝගය සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ. එවන් ආගමික හා සංස්කෘතික අභියෝගවලට අභියෝගයක් වෙමින් ඉස්ලාම් ජාතික කාන්තාවක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට එය ලෝකයේ අංක එකේ සිනමා සම්මාන උළෙලේ දී ඉහළම ත්‍යාගයක් වන Grand Fix ත්‍යාගය දිනාගන්නා තෙක් රැගෙන යෑම ලේසි-පහසු කටයුත්තක් නොවන්නේ ය. අප එය කොන්දේසී විරහිතව අගය කළ යුත්තේ ය.

Tiger Stripes චිත්‍රපට ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් බව පෙනේ. එනමුත් එම චිත්‍රපටය තරග කරන ලද්දේ ලොව ප්‍රබලතම රටවල්වල හා විශාල පරිවැයක දරමින් නිර්මාණය කරන ලද යුරෝපීය චිත්‍රපට සමගිනි.
වර්තමාන විශ්ව සම්භාව්‍ය සාහිත්‍යය තුළ කාන්තා පාර්ශවය පිරිමි පාර්ශවය අභිභවා ඉදිරියට විත් ඇත්තේ ය. ඊට වාර්ෂිකව ලොව පවත්වන විවිධ සාහිත්‍යය සම්මාන උළෙලවල්වලදී ලේඛිකාවන් දිනාගන්නා මුල්පෙලේ ත්‍යාගය හා ඔවුන්ගේ නවකතා හා කෙටිකතා පොත් ලොව පොත්පත් අලෙවි දර්ශකවල ඉහළම ස්ථානයක් රදවා ගනිමින් අලෙවි වීම ඊට කදිම උදාහරණ වන්නේ ය.
ඉහත මවිසින් දක්වන ලද විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවණතාවය වර්තමානය වනවිට විශ්ව සිනමාවට ද
ක්‍රම ක්‍රමයෙන් කාන්දුවෙමින් තිබෙන බව පෙනේ. එනම් ඒ විශ්ව සිනමාව කාන්තා දායකත්වය අන් කවරදාටත් වඩා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි. එය විශ්ව සිනමාවේ නූතනත්වය පිළිබඳව විමසිලිමත් වන ඕනෑම අයකුට පැහැදිලිවම දකින්නට ලැබෙන කාරණාවක් බව පෙනේ.

එය තවදුරටත් යථාර්ථයක් බවට පත් කරමින් මෙවර කාන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී Palme d’or ත්‍යාගය දිනාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික සිනමා අධ්‍යක්ෂවරියක් වන ජස්ටිනී ට්‍රීට් ( Justine Triet ) විසින් වන අතර Grand Fix ත්‍යාගය දිනාගන්නා ලද්දේ අමන්ඩා න්ල්-ඉවූ නම් මැලේසියානු ජාතික සිනමා අධ්‍යක්ෂවරියක් විසිනි.

මොවුන් දෙදෙනා හැත්තෑහය වසරක (1947 -2023 ) කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරන ලදි .නොඑසේනම් කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල උඩු-යටීකුරු කරන ලදි. එනම් ඒ ඉතිහාසය පළමුවරට Palme d’or හා Grand Fix යන මුල්පෙලේ සම්මාන දෙක කාන්තාවන් දෙදෙනකු විසින් දිනා ගැනීමයි. එය ලොව එතෙක් මෙතෙක්මු ල්පෙලේ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලෙක සිදුවූ අතිශයින්ම වැදගත් සිදුවීමක් වන්නේ ය. මේ කාරණාව පිළිබඳව අප නොදන්නා මුත් ලෝක සිනමා මාධ්‍යය තුළ මේවන විට එය ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ය.

මෙපරිදි ලෝක සිනමාවේ සිදුවන යථාර්තය අපේ සිනමාවේ ලැග සිටින ඇත්තන් විසින් පිළිගන්නේහි ද ? සැබවින්ම නැත. ඔවුන් බහුතරයක් සිටින්නේ එලොවටත් නැති මෙලොවටත් නැති ථෙතිහාසික හා බෞද්ධ සිනමා තොරණ් නිර්මාණය කරමින් Epic යන මනෝමූල ලෝකය තුළය.එනමුත් අප එසේ මනෝමූල ලෝක තුළ කිමිදෙමින් සිටින කල්හි ලෝක සිනමාවට දිනෙන් දින බොහෝ රටවල් එක්වන්නේ ය. ඊට සාපේක්ෂව අපේ සිනමාව කොතැනද යන්න පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට විශ්ව සිනමාවේ නූතන ප්‍රවණතා වෙසෙසින්ම මහෝපකාරී වන්නේ ය. අමතක කරන්න එපා මේ .. අවුරුදු හැත්තෑහයක මහලු සිනමාවක වර්තමාන තත්ත්වය යි.

එවන් වූ කිසිදු දිශාවනියක් නොමැති එකතැන පල්වෙන සිනමාවක් අළ කව්රුන් හෝ කවර කණ්ඩායමක් විසින් හෝ මතවාදීව කැරැල්ලක් නොගැසිය යුතුද ?
සියල්ල බුද්ධියේ විමසුමට !!

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...