නිල නිවසේ සාද දැමූ අගමැති පුතා නිලයෙන් නෙරපයි

Share post:

ජපාන අගමැති ෆුමිකෝ කිෂිඩාගේ විධායක විධායක ප්‍රතිපත්ති ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහුගේ වැඩිමහල් පුත්‍රයා නිල නිවසේදී සාදයක් පැවැත්වීම හේතුවෙන් තනතුරෙන් නෙරපා හැරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අගමැති පුත්‍රයා වන ෂොටාරෝ හිතමිත්‍රාදීන් පිරිසක් සමග පසුගිය දෙසෑම්බර් 30 වැනිදා වසර අවසාන සාදයක් පවත්වා ඇති අතර, එහි ඡයාරූප පෙළක් මාධ්‍යට හමුවී තිබේ.

එය Shukan Bunshun සතිපතා සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එම ඡායාරූප වල සඳහන් වන පරිදි අගමැති පුත් ෂෝටාරෝ කිෂිඩා සහ ඔහුගේ හිතමිත්‍රාදීන් පිරිසක් සමග ජපානයේ අලුතින් පත් කරන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් අනුකරණය කරමින් රතු පලස මත ඡායාරූප ගෙන ඇත.

එහිදී ෂෝටාරෝ අගමැති තනතුර අනුකරණය කර ඇත. එමෙන්ම ඔහු අගමැති තනතුරෙහි හිඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන අයුරුද ප්‍රදර්ශනය වන අයුරින් ඡායාරූප ගෙන ඇති බවට චෝදනා ලැබ තිබේ.

කෙසේවෙතත් අදාල සිද්ධිය සිදුවූ දිනයේ තමන් අමුත්තන්ට ආචාර කළද, රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා තමා නැවතී නොසිටි බවද අගමැතිවරයා පවසා පැවසීය. මම මගේ පුතාව එම තනතුරට පත් කිරීමට සම්බන්ධයෙන් සම්බූර්ණ වගකීම භාර ගන්නවා. ඒ වගේම ඔහුගේ ක්‍රියාවන් එම තනතුරට නොසුදුසු බවත් මම පිළිගනු ලබනවා. ඔහු පවසා තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන සගයින්ගෙන් මෙන්ම ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල වීමෙන් පසු අගමැතිවරයා සිය පුත්‍රයාව තනතුරෙන් නෙරපීමට තීරණය ගෙන ඇත.

32 හැවිරිදි ෂෝටාරෝ සිය නිල තනතුර අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය ජනවාරි මාසයේදී, ඔහුගේ පියා සමග බ්‍රිතාන්‍යයේ සහ පැරිසියේ පෞද්ගලික චාරිකා සඳහා තානාපති කාර්යාල රථ වාහන භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...