නිල නිවසේ සාද දැමූ අගමැති පුතා නිලයෙන් නෙරපයි

Share post:

ජපාන අගමැති ෆුමිකෝ කිෂිඩාගේ විධායක විධායක ප්‍රතිපත්ති ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහුගේ වැඩිමහල් පුත්‍රයා නිල නිවසේදී සාදයක් පැවැත්වීම හේතුවෙන් තනතුරෙන් නෙරපා හැරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අගමැති පුත්‍රයා වන ෂොටාරෝ හිතමිත්‍රාදීන් පිරිසක් සමග පසුගිය දෙසෑම්බර් 30 වැනිදා වසර අවසාන සාදයක් පවත්වා ඇති අතර, එහි ඡයාරූප පෙළක් මාධ්‍යට හමුවී තිබේ.

එය Shukan Bunshun සතිපතා සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එම ඡායාරූප වල සඳහන් වන පරිදි අගමැති පුත් ෂෝටාරෝ කිෂිඩා සහ ඔහුගේ හිතමිත්‍රාදීන් පිරිසක් සමග ජපානයේ අලුතින් පත් කරන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් අනුකරණය කරමින් රතු පලස මත ඡායාරූප ගෙන ඇත.

එහිදී ෂෝටාරෝ අගමැති තනතුර අනුකරණය කර ඇත. එමෙන්ම ඔහු අගමැති තනතුරෙහි හිඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන අයුරුද ප්‍රදර්ශනය වන අයුරින් ඡායාරූප ගෙන ඇති බවට චෝදනා ලැබ තිබේ.

කෙසේවෙතත් අදාල සිද්ධිය සිදුවූ දිනයේ තමන් අමුත්තන්ට ආචාර කළද, රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා තමා නැවතී නොසිටි බවද අගමැතිවරයා පවසා පැවසීය. මම මගේ පුතාව එම තනතුරට පත් කිරීමට සම්බන්ධයෙන් සම්බූර්ණ වගකීම භාර ගන්නවා. ඒ වගේම ඔහුගේ ක්‍රියාවන් එම තනතුරට නොසුදුසු බවත් මම පිළිගනු ලබනවා. ඔහු පවසා තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන සගයින්ගෙන් මෙන්ම ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල වීමෙන් පසු අගමැතිවරයා සිය පුත්‍රයාව තනතුරෙන් නෙරපීමට තීරණය ගෙන ඇත.

32 හැවිරිදි ෂෝටාරෝ සිය නිල තනතුර අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ.

පසුගිය ජනවාරි මාසයේදී, ඔහුගේ පියා සමග බ්‍රිතාන්‍යයේ සහ පැරිසියේ පෞද්ගලික චාරිකා සඳහා තානාපති කාර්යාල රථ වාහන භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වේ.

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...