2023 Cannes – අවමවාදී ප්‍රංශ චිත්‍රපටයක් වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී !!

Share post:

76 වැනි කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී අවමවාදී ප්‍රංශ චිත්‍රපටයක් වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනී !!

76 වැනි කාන් සිනමා සම්මාන උළෙල ( 76th Cannes Film Festival ~ 2023 ) පුරා දින දහයක් පුරා එනම් මැයි මස 16 – 27 දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පවත්වා පෙරේදි දින එනම් ( 28 ) ඉරුදින සම්මාන ප්‍රදානයෙන් ඉක්බිතිව නිමාවට පත්වූයේ ය.
මෙවර වසරේ හොදම චිත්‍රපටයට හිමි Palme d’or සම්මාන දිනාගන්නා ලද්දේ ප්‍රංශ ජාතික තිර රචිකාවියක් හා අධ්‍යක්ෂකවරියකු වූ ජස්ටිනී ට්‍රිට් ( Justine Triet / B 1978 ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Anatomie D’une Chute ( Anatomy of a Fall ) – 2023 නැමති ප්‍රංශ චිත්‍රපටය යි. ක්‍රියාදාම / මනෝවිද්‍යාත්මක ශානරයට අයත් මෙම චිත්‍රපටය අවමවාදී චිත්‍රපටයක් ( Minimalist Movie ) වීම සුවිශේෂී කාරණාවක් වන්නේ ය. මෙම චිත්‍රපටය 2023 අගෝස්තු මස 23 වැනි දින සිට ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත.

මවිසින් මෙරට මතවාදීව හදුන්වාදෙන ලද “අවමවාදී සිනමා” ( Minimalist Cinama ) සංකල්පය කොතරම්දුරට ජාත්‍යන්තරය තුළ යථාර්ථයක් බවට පත්ව ඇද්දැයි කියන කාරණාවට හොදම උදාහරණයකි Anatomy of a Fall – 2023 චිත්‍රපට මෙලෙස කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය ලැබීම.

Palme d’or සම්මානය වූ කලී ලොව චිත්‍රපටයට ලැබෙන ඉහළම සම්මානය වන්නේ ය. එපමණක්ද නොව ලොව ඕනෑම තරාතිරමක අධ්‍යක්ෂකවරයකුගේ හෝ අධ්‍යක්ෂකවරියකගේ නිර්මාණය ජීවිතයේ ඉහළම සේම එකම බලාපොරොත්තුව වන්නේ Palme d’or සම්මානය දිනාගැනීම යි. එය “ලොව සිනමාවේ රන්දෙවොල” යයි හැදින්වෙන කාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ වසරේ හොදම චිත්‍රපටය ( Best Movie of the Year ) වෙනුවෙන් පිදෙන සම්මානය වන්නේ ය. මෙම සම්මාන ලැබීමෙන් ඉක්බිතිව එම චිත්‍රපටය හා එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද අධ්‍යක්ෂකවරයා හෝ අධ්‍යක්ෂකවරිය ලොව ප්‍රේක්ෂක විචාරක ඉමහත් සම්භාවනාවට පාත්‍ර වන්නේ ය.

76 වැනි කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ සම්මාන නාමාවලිය මෙසේ ය.
PALME D’OR
ANATOMIE D’UNE CHUTE
(ANATOMY OF A FALL)
Directed by Justine Triet

GRAND PRIX
THE ZONE OF INTEREST
Directed by Jonathan GLAZER

BEST DIRECTOR
TRAN ANH Hùng for LA PASSION DE
DODIN BOUFFANT
(THE POT-AU-FEU )

JURY PRIZE
KUOLLEET LEHDET
(FALLEN LEAVES)
Directed by Aki Kaurismaki

BEST SCREENPLAY
SAKAMOTO Yuji for KAIBUTSU
(MONSTER)
Directed by KORE-EDA Hirokazu

BEST PERFORMANCE BY AN ACTRESS
Merve DIZDAR for KURU OTLAR USTUNE
(ABOUT DRY GRASSES)
Directed by Nuri Bilge CEYLAN

BEST PERFORMANCE BY AN ACTOR
Koji YAKUSHO for PERFECT DAYS
Directed by Wim WENDERS

SHORT FILM
PALME D’OR
27 for Flóra Anna BUDA

අධ්‍යක්ෂකවරියගේ වතගොත —

ජස්ටිනී ට්‍රීට් පැරිස් නගරයේ පිහිටි Beaux Arts de Paris ඇකඩමියෙන් සිනමාව හා සිනමා තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය ලැබ ප්‍රංශ සිනමාවට පැමිණි ප්‍රතිභාපූර්ණ තිර රචිකාවකි , අධ්‍යක්ෂකවරියකි. ඇය විසින් එතෙක් මෙතෙක් නිර්මාණය කරන ලද චිත්‍රපට අතර iTow Ships – 2012 / Age of Panic – 2013 / ln Bad with Victoria – 2016 ( Best Film Academy Awards – 2017 ) යනාදී චිත්‍රපට විශේෂයෙන් කැපී පෙනේ . Anatomie D’une Chute ( Anatomy of a Fall ) – 2023 චිත්‍රපටය ඇයගේ නවතම චිත්‍රපටය වන්නේ ය.

චිත්‍රපටයේ සම්පූර්ණ තතු

International title : Anatomy of a Fall
Original title : Anatomie d’une chute
Country : France
Sales agent : mk2 films
Year : 2023
Genre : fiction
Directed by : Justine Triet
Film run: 151′
Screenplay :Justine Triet, Arthur Harari
Cast:
Swann Arlaud, Sandra Hüller, Milo Machado-Graner, Jehnny Beth, Saadia Bentaieb, Samuel Theis
Inematography by : Simon Beaufils
film editing : Laurent Sénéchal
Art director : Cécile Deleu
Costumes designer : Isabelle Pannetier
Producer:
Marie-Ange Luciani, David Thion
Production:Les Films Pelléas, Les Films
De Pierre, France 2 Cinéma,
Auvergne-Rhône-Alpes Cinéma
Distributor : Le Pacte
Photogallery 21/05/2023: Cannes 2023

නොලියාම බැරි මගේ සටහන —

ලෝක සිනමාව තුළ කාන්තාවක් ගොස් ඇති ඉහළම තත්ත්වය යි මේ. ඊට සාපේක්ෂව මෙරට කාන්තාවකට අපේ සිනමා ක්ෂේත්‍රය තුළ ඉදිරියට යෑමට එතෙක් මෙතෙක් සිනමාවේ ලැඟ සිටි ඇත්තන් අනාගතයක් සදා තිබේද ? අප සියලුම දෙනා මොහොතකට කල්පනා කර බැලිය යුත්තේ මෙන්න මේ කාරාවයි. මෙරට අතිදක්ෂ සේම නිර්මාණශීලී කාන්තාවන් නැද්ද ? ඔවුනට තමුන් කැමති කලා ක්ෂේත්‍රයක් තුළ රිසි පරිදි තම දක්ෂතා දක්වමින් ඉදිරියට යෑමට අවකාශය හෝ වටපිටාවක් නිර්මාණය වී ඇත්ද ? යන්න ගැඹුරින් සිතනු වටී.

මෙම කාරණාවට සාපේක්ෂව ලෝක සිනමාවේ අධ්‍යක්ෂකවරයකුට ලද හැකි ඉහළම සම්මානය වන Palme d’or සම්මානය ලබා ගැනීම තෙක් යුරෝපීය කාන්තාවන් ඒ ඒ රටවල්වල සිනමාවේ එතෙක් මෙතෙක් ලැඟ සිටි උදවිය නිසි මාර්ගය සලසා දී ඇත.

මෙම කරුණු කාරණාවලට අනුව මෙරට එතෙක් මෙතෙක් එහි ලැග සිටිය ඇත්තන්ට සැබවින්ම කුමක්දෝ එහෙත් බරපතල වැරදීමක් සිදුවී ඇතැයි යන්න ඔය කොයි කව්රුත් සිතනු වටී.
එම අදහසේ සිට අප මෙරට සිනමාවේ එතෙක් මෙතෙක් ආ ගමන් මග මූලිකව මතවාදීව හා දෙවැනුව ප්‍රායෝගිකව වෙනස් කළ යුතු නොවේද ?

එසේ වෙනස් කිරීම හෝ ඒ වෙනුවෙන් මතවාදීව අරගලයක නිරතවීම යනු මතුයම් දිනෙක මෙරට කාන්තාවකට Palme d’or සම්මානය තියා අඩුම තරමින් කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ රතු පලසවත් පෑගීමටත් අවස්ථාව උදා වන්නේ ය.
76 වැනි කාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ප්‍රංශ ජාතික සිනමාකාරිණියක් වන ජස්ටිනී ට්‍රිට් විසින් තම චිත්‍රපටය වන Anatomie D’une Chute ( Anatomy of a Fall ) – 2023 වෙනුවෙන් වසරේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි Palme d’or සම්මාන දිනාගැනීමෙන් ජනත වන යථාර්ථය හා අප අවබෝධ කරගත යුතු පරම සත්‍යය වන්නේ ය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...