ඩොට් බෝල 278ක්, පැල 139,000 : IPL ශූරතාවය CSK ට

Share post:

දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මවිතයට පත් කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

ගුජරාට් ටයිටන්ස් පිල කඩුලු 5කින් පරදවා පස්වැනි වරටත් IPL ශූරතාවය දෙන්නායි පිල IPL තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක් කුසලානය දිනා ගනිමින් මුම්බායි පිල තැබූ වාර්තාවද ඊයේ සම කළේය.

ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ 2010, 2011, 2018, 2021, 2023 වසර වලදී චෙන්නායි පිල ශූරතාවය දිනාගෙන තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි නායක පළමුවෙන් පන්දුවට පහර දීමට ගුජරාට් පිලට ආරාධනා කළ අතර ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කළේය.

පසුව පිටියට පිවිසි චෙන්නායි පිල පන්දු 3කට මුහුණ දෙමින් සිටියදී ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව තරගය නවතා දමන ලදී.

යළි තරගය ආරම්භ වූයේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව චෙන්නායි පිලට ඕවර 15කදී ජයග්‍රහණය සඳහා ලකුණු 171ක ඉලක්කයක් සමගිනි.

එහිදී රතුරාජ් ගායික්වාද් ලකුණු 26 ක් රැස් කළ අතර ඩෙවෝන් කොන්වේ ලකුණු 47 ක් රැස් කළේය.

එමෙන්ම අජින්ක්‍යා රහනේ ලකුණු 27 ක් සහ අම්බාති රයුදු ලකුණු 19 ක් ලබා ගත්තේය.

චෙන්නායි ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස අම්බති රායිදු 13 වැනි පන්දු වාරයේදී දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

එම පන්දුවාරයේදී අනපේක්ෂිත අයුරින් කඩුලු 2ක් බිඳ වැටීම චෙන්නායි පිල දැඩි පසුබෑමකට ලක්වීමට හේතුවිය.

ඉනිමේ 14 වැනි පන්දු වාරය ආරම්භ වෙද්දී චෙන්නායි පිලට පන්දු 12 ක් පමණක් ඉතිරිව තිබියදී ලකුණු ලකුණු 21ක් රැස් කළ යුතුව තිබුණු අතර මොහොමඩ් සාමි විසින් 14 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළේය.

සාමිගේ පන්දු යැවීම හමුවේ චෙන්නායි පිලට ලබා ගත හැකිවූයේ ලකුණු 8ක් පමණි.

ඒ අනුව අවසන් පන්දු වාරයේදී චෙන්නායි පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් ලබාගත යුතුව තිබිණි.

අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කළ මෝහිත් මුල් පන්දු 04 හමුවේ චෙන්නායි පිලට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 3ක් පමණි.

එහෙත් පස්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ බලාපොරොත්තු දැල්වූ රවීන්ද්‍ර ජඩේජා අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඩොට් බෝලෙට ගස් 500ක්

මැයි 23 වන දින ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩුයම් අතර පැවැති අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගයේදී යවන ලද සෑම නිලකුණු පන්දුවක් සඳහාම නව කොළ පැහැති ගසක සංකේතයක් දිස්වීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් විමතියට පත් වූහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන විස්තර විචාරක හර්ෂ බෝග්ලේ පවසා සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ටාටා සමගම සමග එක්ව සෑම නිළකුණු පන්දුවකට ගස් 500 බැගින් සිටුවීමේ ව්‍යාපෘතියක් කර ඇති බවයි.

ඒ අනුව පළමු Playoff තරගයේදී නිලකුණු පන්දු 84ක් වාර්තා වී ඇති අතර එලිමිනේටර් තරගයේදී නිලකුණු පන්දු 96 ක් වාර්තා වී තිබිණි.

දෙවැනි Playoff තරගයේදීත් නිලකුණු පන්දු 53 ක් වාර්තා වී ඇති අතර අවසන් මහා තරගයේදී නිලකුණු පන්දු 45 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම තරග 4තුළ නිලකුණු පන්දු 278 ක් වාර්තා වී ඇති අතර පැල 1,39,000 ක් සිටුවීමට කටයුතු යොදා තිබේ.

palyoff තරග තුලදී මද්වාල්, මොහොමඩ් ෂාමි, රෂීඩ් ඛාන්, සහ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දියාව පුරා ගස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටුවීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

Related articles

ලංකාවෙ නමින් චන්ද්‍රිකාවක් නෑ – කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස

ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පවසයි. අද...

වසර 37ක ගමනකින් පසු 37 වැනි පොලිස්පති වන ප්‍රියන්ත !

2024 සැප්තැම්බර් 27 වැනිදා සිට 2025 අගෝස්තු 12 වැනිදා දක්වා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

පලස්තීනයේදී මාධ්‍යවේදීන් 186ක් මරලා – ජනහඬ නිහඬ කිරීමේ උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී !

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට විරෝධය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහත...

පාලින්දනුවර කුමාරිගේ ජීවන පිරිපත රැගත් මනෝහාරීගේ අභිනව කෘතිය – පුරප්පට්ටුව

මනෝ…, මනෝහාරී හේවාවසම් යනු දසක හතරකට ආසන්න කලක සිට මාධ්‍ය ලෝකයේ නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමාව ඈ විවිධ මාධ්‍යයන්හි නිරතව...