IPL අවසන් මහා තරගය අද

Share post:

ඉන්දීය ප්‍රිමියර් ලීග් – 2023 තරගාවලියේ අවසන් මහා තරගය, ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර, අද (29) රාත්‍රියේ අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගය ඊයේ (28) පැවැත්වීමට සූදානම්ව තිබුණද ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට තරග තීරකයින් තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ( BCCI) කියා සිටියේ “මැයි 28 අවසන් මහා තරගය සඳහා ප්‍රවේශපත්‍ර තිබූ රසිකයින්ට මැයි 29 වන අද දින ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර සමඟ ක්‍රීඩාංගනයට ඇතුළු වීමට හැකි වනු ඇති” බවයි.

IPL – 2023 යටතේ හර්දික් පාණ්ඩ්‍යා නායකත්වය දරන ගුජරාත් ටයිටන්ස් පිල සහ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් අතර මේ වනවිට තරග 2ක් පවත්වා ඇත.

තරගාවලියේ සමාරම්භක තරගය දෙපිල අතර පැවැති අතර එය පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 5කින් ජය ගැනීමට ගුජරාත් ටයිටන්ස් පිල සමත්විය.

එමෙන්ම මැයි 23 වැනිදා යළි දෙපිල අතර පැවැති අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගය ලකුණු 15 කින් ජය ගැනීමට CSK පිලට හැකිවිණි.

ඒ අනුව දෙපිල 1 – 1 ලෙස තරග ජයග්‍රහනය කර ඇත.

එමෙන්ම මෙවර තරගාවලියේ CSK සහ GT දෙපිලම තරග 14 කට මුහුණ දී ඇති අතර ඉන් තරග 10 ක් ගුජරාට් ටයිටන්ස් පිල ජයගෙන තිබේ.

චෙන්නායි පිල මුහුණ දුන් තරග 14 න් තරග 8ක් ජය ලබා ඇති අතර එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් වී ඇත.

ඒ අනුව මෙවර IPL ලකුණු සටහනේ ලකුණු 20 ක් ලබාගෙන පළමු ස්ථානය හිමිකර ගැනීමට ගුජරාත් පිල සමත්වී ඇති අතර ලකුණු 17 ක් ලබා ගනිමින් චෙන්නායි පිල එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...