IPL අවසන් මහා තරගය අද

Share post:

ඉන්දීය ප්‍රිමියර් ලීග් – 2023 තරගාවලියේ අවසන් මහා තරගය, ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර, අද (29) රාත්‍රියේ අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගය ඊයේ (28) පැවැත්වීමට සූදානම්ව තිබුණද ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට තරග තීරකයින් තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ( BCCI) කියා සිටියේ “මැයි 28 අවසන් මහා තරගය සඳහා ප්‍රවේශපත්‍ර තිබූ රසිකයින්ට මැයි 29 වන අද දින ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර සමඟ ක්‍රීඩාංගනයට ඇතුළු වීමට හැකි වනු ඇති” බවයි.

IPL – 2023 යටතේ හර්දික් පාණ්ඩ්‍යා නායකත්වය දරන ගුජරාත් ටයිටන්ස් පිල සහ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් අතර මේ වනවිට තරග 2ක් පවත්වා ඇත.

තරගාවලියේ සමාරම්භක තරගය දෙපිල අතර පැවැති අතර එය පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 5කින් ජය ගැනීමට ගුජරාත් ටයිටන්ස් පිල සමත්විය.

එමෙන්ම මැයි 23 වැනිදා යළි දෙපිල අතර පැවැති අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගය ලකුණු 15 කින් ජය ගැනීමට CSK පිලට හැකිවිණි.

ඒ අනුව දෙපිල 1 – 1 ලෙස තරග ජයග්‍රහනය කර ඇත.

එමෙන්ම මෙවර තරගාවලියේ CSK සහ GT දෙපිලම තරග 14 කට මුහුණ දී ඇති අතර ඉන් තරග 10 ක් ගුජරාට් ටයිටන්ස් පිල ජයගෙන තිබේ.

චෙන්නායි පිල මුහුණ දුන් තරග 14 න් තරග 8ක් ජය ලබා ඇති අතර එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් වී ඇත.

ඒ අනුව මෙවර IPL ලකුණු සටහනේ ලකුණු 20 ක් ලබාගෙන පළමු ස්ථානය හිමිකර ගැනීමට ගුජරාත් පිල සමත්වී ඇති අතර ලකුණු 17 ක් ලබා ගනිමින් චෙන්නායි පිල එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...