නතාශාට ICCPR යටතේ චෝදනා : ජුනි 07 දක්වා රිමාන්ඩ්

Share post:

කොළඹ පැවැති ප්‍රහසන වැඩසටහනක් අතරතුරදී කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (28) උදෑසන අත්අඩංගුවට ගත් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කල අතර ඇය එළැඹෙන ජුනි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබේ.

ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ ( ICCPR) 3 වන වගන්තිය මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 91(අ) වගන්ති ප්‍රකාරව චෝදනා ගොනු කර තිබේ.

ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර පසුව ඇය තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවටද පවසා සිටියාය.

කෙසේවෙතත් ආගමික කණ්ඩායම් විසින් ඇගේ ප්‍රකාශයට දැඩි විරෝධතා එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

එ අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සබැඳි පුවත්

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House )...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...