නතාශාට ICCPR යටතේ චෝදනා : ජුනි 07 දක්වා රිමාන්ඩ්

Share post:

කොළඹ පැවැති ප්‍රහසන වැඩසටහනක් අතරතුරදී කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (28) උදෑසන අත්අඩංගුවට ගත් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කල අතර ඇය එළැඹෙන ජුනි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබේ.

ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ ( ICCPR) 3 වන වගන්තිය මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 91(අ) වගන්ති ප්‍රකාරව චෝදනා ගොනු කර තිබේ.

ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර පසුව ඇය තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවටද පවසා සිටියාය.

කෙසේවෙතත් ආගමික කණ්ඩායම් විසින් ඇගේ ප්‍රකාශයට දැඩි විරෝධතා එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

එ අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සබැඳි පුවත්

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...