සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි. ..

Share post:

ක්වීන් බෑන්ඩ් එක වෙම්බ්ලි ග්රවුඩ් එක මිනිස්සුන්ගෙන් පුරවනවා. ඒ 1985 ලයිව් ඒඩ් එක දවසේ (Live Aid). ඊට පස්සේ රෝලින් ස්ටෝන් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවනවා. එල්ටන් ජෝනුත් එහෙම කරනවා. පොල් මැකාර්නි, ඩේවිඩ් බෝවී, යු ටූ (U2) වගේ හැමෝම ඒ සිහිනය සැබෑ කරගත්ත. එයාල රොක් සුපිරි තරු.

සුපිරි රොක් තරු යුරෝපයේ දෙවැනි මහා ක්‍රීඩාංගනය මිනිස්සුන්ගෙන් පුරවනවා දැක්ක ටීනා මෙහෙම කියනවා. ”මටත් ඕනි මගේ ෂෝ එකකින් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවන්න”. ඒ තමයි රොක් වලට ඇත්තටම අමු අමුවේ තමන්ගේ කටහඬ දුන්න ටීනා.
ඒ වෙලාවේ රොක් සිහිනයේ ඉහලම කඳු මුදුන තමයි වෙම්බ්ලි පිරෙන්න මිනිස්සු ගේන එක.

මැඩෝනා, ස්පයිස් ගර්ල්ස්, රයිහනා, ටේලර් ස්විෆ්ට්ල පසු කාලෙක ඒ සිහිනය පහසුවෙන් අත්කර ගත්තත් ටීනාගේ කාලේ රොක් සිංදු කියපු ගැහැණියක් හැටියට ඒක අමාරු සිහිනයක්. විශේෂයෙන් කළු හමකුත් එක්ක.

1996 එයාගේ වෙම්බ්ලි ෂෝ එක පිරිලා ඉතිරිලා ගියා. ඊට පස්සෙත් වෙම්බ්ලි එකේ ෂෝ කිහිපයක් එයා කළා. ඒවත් එයාගේ ෆෑන්ස්ලගෙන් පිරිලා ගියා. එයා එක පාරක් නෙවෙයි. කිහිප පාරක් එයාගේ සිහිනය සැබෑ කරගත්ත.

ගෝලීය ස්ත්‍රී ගායිකාවන් අතරින් ඇරීතා ෆ්‍රැන්ක්ලින්, විට්නි හුස්ටන් එක්ක තිබ්බත්, ලෝකයේ පිරිමි ගැහැණු ඔක්කොම එකට තියපු ගායක ගායිකා දෙසීය එක්ක තිබ්බත් ටීනා මුල් පනහ අතරේ ඉන්නවා. හැබැයි මොන උස් පහත් කම් එයාගේ කසාදේ තිබ්බත් රෝලින් ස්ටෝන් මෙහෙම කියනවා.

ටීනා සහ අයිකි ටර්නර් (Tina and Ike Turner) එකතුවෙලා කලේ R&B සහ පොප් අතරේ තිබ්බ වෙන්වීම එකතු කරපු එක. ඒ එකතු කිරීම ඇතුලේ ලෝකයේ තවත් අතිවිශාල රොක් ගායක ගායිකාවන් පිරිසක් ඒ එක්කිරීමේ විෂයාසක්තභාවය නිසා උමතු වෙලා ගිය එක.
ඒක වෙනස්ම වැඩක්.

මොනවා උනත් එකක් පැහැදිලියි. අච්චර අවුල් වියවුල් මැද්දේ දක්ෂ ගිටාර් වාදකයෙක් වෙච්ච එයාගේ සැමියා විසින් ටීනා තුල යම් උරුමයක් ඉතුරුකළා කියන එක. ටීනා එක සම්මුඛ සාකච්චාවක මෙහෙම කියනවා.
”ඒක ඉතාම අමාරු සම්බන්දයක්. මත්ද්‍රව්‍ය, ප්‍රචණ්ඩ බව, හිංසාව හැම දෙයක්ම තිබ්බ ඒ සම්බන්දය ගැන මම හිතන්නවත් ආස නැහැ. ඒ නිසා අයිකිගෙන් ලැබුණු හැම දේම මම ආපසු දුන්න. හැබැයි එයාගේ නම විතරක් මම තියාගත්ත. මම හැමදාටම ටීනා ටර්නර්”.

සමහර දේවල් තියනවා මැරෙනකම් මකන්න බැරි. සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි.
සෙන් බෞද්ධ පදනමක් සහිත ටීනා ඔබට නිවන් සුව…

මහේෂ් හපුගොඩ

Ike & Tina Turner – River Deep Mountain High (original 1966 promo, edited) – YouTube

Tina Turner | River Deep Mountain High (Live HD) – YouTube

Image@Tina Turner and Ike Turner 

Related articles

2014 – 2019 : අපරාධ රාජ්‍යයක සුරේෂ් සලෙයිගේ භූමිකාව !

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයෙන් තුවාන් සුරේෂ් සලෙයි ඉවත් කෙරිණි. ඔහු මීට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ...

ඊබ්‍රාහිම්ගේ පිදුරු ගහේ එල්ලීම සහ මිස්ලීඩින් !

‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ අවස්ථාවට අදාළ දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි පිහිටි නිවසේ පදිංචිව සිටි දෙවැනි සැකකාර...

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...