IPL පළමු අවසන් පූර්ව තරගය අද

418

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (23 වැනිදා) චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.පැවැත්වීමට නියමිතය.

මෙම තරගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත.

තරග 14 කට මුහුණ දෙමින් ඉන් 10 ක් ජයගත් හර්දීක් පාණ්ඩ්‍යා නායකත්වය දරන ගුජරාට් කණ්ඩායම ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනියා ස්ථානයේ පසුවෙයි.

මූලික වටයේ තරග සහභාගි වූ තරග 14 න් 8 ක් ජයගනිමින් චෙන්නායි කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි තැනට පත්විය.