“භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණය ලංකාවේ ආර්ථිකය බිඳ වැටීමට හේතුවයි”

Share post:

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ ව්‍යාපාරික කමිටුව විසින් පසුගිය දා ඉල්ලා සිටි පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය පසුගිය බදාදා(09) විවාදයක් පවත්වන ලදී.

මෙම සාකච්ඡාවේ අරමුණු වුයේ, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ප්‍රතිචාරය මෙන්ම පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ආධාර ලබා දීමේ ක්‍රියාවලිය සිදු වන අකාරය සොයා බැලීමයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට හේතු පාලකයන්ගේ භයානක හා දිගුකාලීන වැරදි කළමනාකරණයත්, 2019 වසරේ සිදු වූ බිහිසුණු පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතය සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නිසා ඇති වූ ආර්ථික ප්‍රතිවිපාක බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝ ඩොචර්ටි මෙහිදී කියා සිටියේ.

එසේම ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික ප්‍රකෘතිය සහ වර්ධනය සඳහා ස්ථාවර දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍ය රජය විශ්වාස කරන බවයි.

මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගන්නා ලෙස බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවෙන් දිගටම ඉල්ලා සිටින බව ද ඔහු එහි දී සඳහන් කළා.

අදාල විවාදය අවසන් කරමින් කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී එලියට් කොල්බර්න් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන තමන්ගේ උත්සාහය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...