තරගාවලියේ ක්‍රීඩකයාගේ නම් අතරට වනිඳුගේ නමත්

468

පන්දුවාව 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් සැණකෙළියේ තරගාවලියේ ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඡන්ද විමසීමක් අද වනවිට (11) ආරම්භ කර තිබේ.

මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව 09 කි.

මෙම නවදෙනා අතරට විරාත් කෝලි, සූර්‍යකුමාර් යදාව්, ෂාහීම් ෂා අෆ්‍රඩී, සදාබ් ඛාන්, සිකන්ද රාසා, වනිඳු හසරංග, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල් සහ සෑම් කරන් නම් කර තිබේ.

මෙම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ, එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු, ඉන්දීය කණ්ඩායමෙන් ක්‍රීඩකයින් 02ක් සහ පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබීමයි.

මෙම ලැයිස්තුවට ප්‍රබල ඔස්ට්‍රෙලියානු, නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල කිසිදු ක්‍රීඩකයෙකු නම් කර නොමැත.