ඊනියා මුග්ධ දේශපාලනයේ ගොදුරක්ව අනිවාරතේ වසර 14ක්, සමාවෙයං ආරුරන්

Share post:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 14ක් සිපිරි ගෙහි ලා සිටි සිවලිංගම් අරූරන් අද (16 මැයි 2023) නිදොස් කොට නිදහස් කරණු ලැබුවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඔහු සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත් අඩංගුවට ගන්නේ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට තැත්කල බව පවසමින්. ඒ රංගනයෙන් අරූරන් සහෝදරයා ට සිය ජීවිතයෙන් අහිමි වූ ස්වර්ණමය කාලය වසර 14ක්. මෙය කාටනම් ප්‍රතිපූරණය කළහැකිද ? මොනතරම් සාපරාධී ක්‍රියාවක්ද?

නමුත් මේ වසර 14 කාලයේ ඔහු සම්මානලාභී නවකතාකරුවෙකු වුණා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම දමිළ භාෂීය නවකතාවට වසර දෙකක දී සම්මාන ලබන්නේ ඔහු. ඒ 2016 සහ 2022 වසර වල. සිරගතව සිටියදී ඔහු රචනා කර සාහිත්‍ය කෘති සංඛ්‍යාව 08ක්. මෙහි අමුණා ඇත්තේ ඔහු 2022 වසරේ සම්මානයට පාත්‍ර වූ ආතුරසාලෛ (ඉස්පිරිතාලය) නවකතාවේ කවරය.

මේ මොහොතේ ඊනියා මුග්ධ දේශපාලනයේ ගොදුරක්ව අනිවාරතේ වසර 14ක් සිරගතව සිටි ඔහුගෙන් දකුණේ අප සමාව ඉල්ලිය යුතුයැයි යෝජනා කරන්න කැමතියි. ඒ අනෙකක් නිසා නොව මේ මුග්ධයින් සිංහාසනාරූඪ කළේ අපම වන .බැවින්.
සමාවෙයං ආරුරන් සහෝදරයා | மன்னிக்கவும் தோழர் ஆரூரன் | Sorry comrade Aruran

කපිල එම්. ගමගේ

ආතුරසාලෙයි..!

(මගේ ආදරණීය සාහිත්‍යය නෑයා, ආරුරන්ට ආදරයෙනි)

ඇදි ඇදී ආ වසර ගනනක..
මුසුප්පු කාලය තුල..
රෝගී කෙඳිරිලි මිස

එළිමහන් කඳවුරේ
එකලාව අප ගැයූ..
වසත් ගීයක් නැත.!!

ඉබාගාතේ ඇවිද යන සඳ
පියාපත් බැඳ දමා
කූඩු කළ විහඟෙකු..
නැගූ කූජනයක
ශෝකී තානය..

අයෝමය කම්බි දැල්
කූරු අතරින්
සවනත වැකුණා
යන්තමින් මතකය..!!

ඔබ මෙන්ම.. පසිඳ සිප්සත..
රෝගී දනන් අතරෙහි
නමාගෙන හිස
ආගිය ගමන් මිස..

ඔජ වඩන්නට දිවියක්
අපට ද තිබුණේ නැත..!

රජුන් සුවපත් කරන ඔසු මිස
දනන් සුවපත් කරන ඔසුවක්..
එළිමහන් රෝහලෙක..
බෙහෙත් ගබඩාවෙක..

අහම්බෙන්වත්..
හමුවුණේ..නැත ..!

ආරුරන්, මා සොයුර ..
ගිලන් අත
සෙනෙහසින් දිගු කරමි…
ඉතින්වත් තදින් අල්ලාගන්න..
ආතුරසාලෙයි සිසාරා
ඔසු සොයා
ගමන් ඇරඹිය යුතුය..

සුහර්ෂිණී ධර්මරත්න

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...