Swastha by Link Natural නව අලෙවි මධ්‍යස්ථානයක් කොළඹ 07 ට!

Share post:

CIC සමූහ ව්යාපාරය හා අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල්, සිය දේශීය මෙන්ම විදේශීය පාරිභෝගික පිරිස් වෙත සිය සන්නාමය නවමු ලෙස එළිදැක්වීමේ අරමුණින් කොළඹ 7, අංක 6 මේට්ලන්ඩ් ක්‍රිසන්ට් හිදී ‘Swastha by Link Natural’ අලෙවි මධ්යස්ථානය පසුගිය 24.03.2023 දින විවෘත කරන ලදී.

මෙහිදී ලින්ක් නැචුරල්, නිරෝගීබවේ සමීපතමයා ලෙස පාරිභෝගික පිරිස් හට සමාගම් මෙහෙවර, එය සිදුකරන ආකාරය සහ සමාගමේ දර්ශනය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දෙනු ඇත.

නවීන පහසුකම් සහ දැනුම පෙරදැරි වූ අත්දැකීම් සමූහයක් පාරිභෝගික පිරිස් වෙත දායාද කරනු ලබන්නේ ඔවුන්ගේ නීරෝගී සහ දිගු දිවියකට උරුමකම් කියාපානු සඳහාය. තවද ලින්ක් නැචුරල් සමාගමේ 430 කට අධික නිෂ්පාදන රැසක් අධ්‍යයනය කිරිමටත්, එම නිෂ්පාදන පහසුවෙන් මිලදී ගැනීමටත් අවස්ථාව ලැබීම විශේෂත්වයකි. එසේම Swastha by Link Natural හි නිස්කලංක පරිසරය, සුහද හමුවීම් ආදිය සඳහා ද කදිම ස්ථානයක් වනවාට නොඅනුමානය.

පාරිභෝගිකභවතුන්ගේ නීරෝගී සහ සුවදායි අවශ්යතාවයන් සාක්ෂාත් කිරීම සඳහා ලින්ක් නැචුරල් සමාගම විසින් නවෝත්පාදනය කොට හඳුන්වා දුන් ආරක්ෂාකාරී, ප්‍රත්‍යක්ෂ සහ ගුණාත්මක ශාක සත්කාරක නිෂ්පාදන පෙළ සුවිශේෂී තැනකට හිමිකම් කියයි.

ආයුර්වේද වෛද්‍යවරුන් සහ ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා ශාක ඖෂධීය ආයුර්වේද නිෂ්පාදන පෙළ සේම, ශාක ඖෂධීය ස්වසත්කාරක නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් හට හිස සිට පාදාන්තය දක්වා වඩාත් ආරක්ෂාවක් ලබා ගැනීමට දිරිමත් කරනු ලබයි. FDA විගණන ප්‍රමිතීන් සියල්ලට අනුකූලව සිදුවන නිෂ්පාදන වල පර්යේෂණ, විශිෂ්ට සංයෝජන, සංවර්ධනය සහ උසස් ප්‍රමිතීන් සැකසිම සඳහා මෙන්ම ජාතික සහ ජාත්යන්තර වෙළඳපොළට ළඟාවන නිෂ්පාදන වල දැඩි තත්ත්ව පරික්ෂාවක් සහ නියාමන ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට ද දැඩිව අවධානය යොමු කරනු ලබයි.

ජපානයේ Costco වෙළඳසැල් ජාලය තුළ සමහන් අලෙවිය සඳහා අනුමැතිය හිමි වීමත්, බ්‍රිතාන්‍යයේ ලෝක ප්‍රසිද්ධ සුපිරි නිරූපිකාවක එක්තරා ජනප්‍රිය සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ නිර්දේශ කිරීමක් සහ බොලිවුඩයේ ජනප්‍රිය ප්‍රවීණ නළුවෙකු විසින් සමහන් සඳහා සිදුකළ නිර්දේශ කිරිම, ලින්ක් නැචුරල් විසින් නිෂ්පාදනය කරනු ලබන සමහන් ඇතුළු අනෙකුත් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ලොවට විද්‍යමාන කරන කදිම නිදසුන් වේ.

වසර ගණනාවක් පුරා සිදු කළ පර්යේෂණ රාශියක ප්‍රතිඵල ලෙසින්, ජාතික සහ ජාත්යන්තර විශ්වාසය දිනා ගත් සමහන්, සුදන්ත, ස්වස්ථ අමෘත, ස්වස්ථ ත්‍රිපලා, මසල්ගාර්ඩ්, SP බාම් සහ කේශා ආදී නිෂ්පාදනවල නිවහන වූයේ ලින්ක් නැචුරල් සමාගමයි. මෙම නිෂ්පාදන පරම්පරා ගණනාවක් පුරා පාරිභෝගිකයින් හට ප්‍රත්‍යක්ෂ පූර්ණ සුවයක් ලබා දීමට ද දායක වූ බව නොරහසකි. Earth Essence නම් වූ ශාකෞෂධීය ස්වසත්කාරක නිෂ්පාදන පෙළ, වෙළඳපොළ අතික්‍රමණය කළ නවතම හඳුන්වාදීමයි.

මෙම පරිශ්‍රය වෙත පැමිණ, ලින්ක් නැචුරල් නිෂ්පාදන දැක බලා අවබෝධයෙන් භාවිත කිරීමට පාරිභෝගිකභවතුන් සැමට එම සමාගම ගෞරවයෙන් ආරාධනා කරයි. මෙම swastha by link natural මධ්යස්ථානය දිනපතා පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා පාරිභෝගිකයින් සඳහා විවෘතව පවතින අතර රථ වාහන නැවැත්වීමේ ඉඩ පහසුකම් වලින්ද සමන්විත වේ.

Related articles

ලංකාවෙ නමින් චන්ද්‍රිකාවක් නෑ – කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස

ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පවසයි. අද...

වසර 37ක ගමනකින් පසු 37 වැනි පොලිස්පති වන ප්‍රියන්ත !

2024 සැප්තැම්බර් 27 වැනිදා සිට 2025 අගෝස්තු 12 වැනිදා දක්වා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

පලස්තීනයේදී මාධ්‍යවේදීන් 186ක් මරලා – ජනහඬ නිහඬ කිරීමේ උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී !

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට විරෝධය දක්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහත...

පාලින්දනුවර කුමාරිගේ ජීවන පිරිපත රැගත් මනෝහාරීගේ අභිනව කෘතිය – පුරප්පට්ටුව

මනෝ…, මනෝහාරී හේවාවසම් යනු දසක හතරකට ආසන්න කලක සිට මාධ්‍ය ලෝකයේ නාට්‍ය, ටෙලිනාට්‍ය, සිනමාව ඈ විවිධ මාධ්‍යයන්හි නිරතව...