පල්ලිය අත අරින සුද්දො!
අර වැඳිලි – මේ වැඳිලි, අර පිහිට මේ පිහිට නැතිව
තමන් ගැන විශ්වාසය තියන දියුණු ජාතීන්!
අපිත් එහෙම වෙමු ද?
මම නෙදර්ලන්තයේ රූපවාහිනී මාධ්‍ය ඉගෙන ගන්න කාලයේ අහපු එකක් තමයි ඒ රටේ ජනගහනයෙන් 15% ක් වත් පල්ලි යන්නෙ නෑ කියන එක. ඒ මීට දශකයට විතර කලින්. දැන් ඊටත් වඩා අඩු ඇති. ඒ වගේම යුරෝපයේ දියුණු රටවල ක්‍රිස්තියානි-කතෝලික පල්ලි වහලා දානවා මාධ්‍ය වලිනුත් දකින්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි හිර ගෙවල් වහලා දාන අවස්ථාත් ආරංචි වෙනවා.
මිනිස්සුන්ට කන්න-බොන්න- අඳින්න-පළඳින්න-ඉන්න-හිටින්න සවිමත් ආර්ථික තත්වයක් ඇතිවෙනකොට, මිනිසුන්ට විවේකය ලැබෙනවා. තාර්කිකව සිතන්න පතන්න පුරුදු වෙනවා. තව දුරටත් නොපෙනන දෙවියෙක්, නොපෙන ආත්මයක් ගැන විශ්වාසයක් තැබීම නිෂ්පල බව ඔවුන් තේරුම් ගන්නවා. ඒකෙ අවශ්‍යතාවක් ඇති වෙන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි අර වගේ ඉහල ජීවන තත්වයක් තියෙනවා නම් ඔවුන්ට ඇතිවෙන විවිධාකාර සාමජීය, ආර්ථික දේශපාලන ප්‍රශ්නත් ඉතා අවම වෙනවා. ඉතිං තමන් ගැනම විශ්වාසය තබනවා මිස ආගමික හෝ සංස්කෘතික මිත්‍යාවන් පස්සෙ යන එකෙන් වලකිනවා. ඒක ඊළඟ පරම්පරාවටත් කියලා දෙනවා. ඉතිං ගස්, ගල් ගඩොල්, නොපෙනෙ දෙවිවරු පස්සෙ යන ආසියාතික, අප්‍රිකානු කලාපයේ රටවල ඉරණමත්, යුරෝපයේ – බටහිර දියුණු ජාතීන්ගේ ඉරණම වෙනස් වෙන්නෙත් මේ නිසා. ඒ විතරක් නෙමෙයි රට-ජාතිය-ආගම ගැන මොන කයිවාරු ගැහුවත් ලැබෙන පළමු අවස්ථාවෙම පැන ගන්න හදන්නෙ, බෝට්ටුවෙන් හරි පැන ගන්න හදන්නෙ මේ රටවලට. ඒ කියන්නෙ ආගම හෝ මිත්‍යා විශ්වාස පස්සෙන් නොයන, නැතිනම් එවා අඩුවෙන්ම අදහන නිදහස් මිනිසුන් ඉන්න, අපේ වෛරයට, අමනාපයට පාත්‍ර වෙච්ච සුද්දන්ගෙ රටවලට.
ඉතිං ඊයේ එංගලන්ත – ඉන්දියා අවසන් පූර්ව තරඟයේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා එංගලන්තය අරන් ගිය පිතිකරුවන් ගැන නිරික්ෂණය කරපු ලංකාවේ බොහෝ දෙනාට පෙණුනු දෙයක් තමයි එයාලා ක්‍රීඩා පිටියෙ දි අර වෙනත් ජාතීන්ට අයත් අය වගේ විවිධ ආගමික හෝ සංස්කෘතික ඇදැහිලි වල යෙදුනෙ නැති බව. ඒ ගොල්ලො පූර්ණ විශ්වාසය තිබ්බෙ එයාලගේ කායික සහ මානසික ශක්තියට. හින්දු වේද ග්‍රන්ථ වලට අනුව මිලියන ගණනක් හින්දු දෙවිවරු ඉඳලත් ඉන්දියාව බේරගන්න බැරි වුණා.
ලංකාව වගේ රටවල මිනිස්සුන්ටත්, අසියාවේ රටවල මිනිසුස්ටත් ආගම් ඇතුළු මිත්‍යා විශ්වාසයන් ගැන කොයිතරම් කිව්වත් ඒක පහසුවෙන් තේරුම් ගන්නෙ නෑ. තේරුම් නොගන්නා තාක්කල් ඔවුන්, ඔවුන්ගේ ශිෂ්ටාචාරය යන්නෙ පස්සට. එහෙමත් නැත්නම් ඉදිරියට යන්නෙ ඉතා සෙමින්. තමන් ගැන විශ්වාසය තියන්න. ඊළඟ පරම්පරාවටත් ඒක කියලා දෙන්න. ඊළඟ ආත්මෙ සැප පතාගෙන, පූජකයින්ට සැප දීගෙන මේ ආත්මෙ සැප අත අරින්න එපා.
අතුල දිසානායක
සුදේශ් කරුනාතිලක තබන ලද facebook සටහනක් පහතින්
මැච් එක තනියම ගැහුවා.
එක කුරුසයක් ඇන්දේ නෑ.
බෝලෙ ඉම්බේ නෑ.
බැට් එක ලෙව කෑවේ නෑ
පොළොව ඉම්බේ නෑ.
පිට්ටනිය වටේ දිව්වේ නෑ.
කරේ දාගෙන ඉන්න කුරුසෙ කිස් කළෙත් නෑ.
සුරේ ඉම්බෙත් නෑ.
බැට් එක උස්සලා සදිසා වන්දනා කලේ නෑ.
අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කින්ඩි දැම්මේ නෑ.
අම්පයර්ස් ලා එක්ක ගහ ගන්න ගියේ නෑ.
උන් ආවා.
මැච් එක ගැහුවා.
World class batting display එකක් ලෝකෙටම පෙන්නුවා.
නොපෙනෙන බලවේග වෙනුවට තමන්ගේ ආත්ම ශක්තියට විශ්වාසය දුන්නා.
දෙවියන් වෙනුවට බැට් එකයි අත් දෙකයි ගැන විශ්වාසය තිබ්බා.
අසූ හාර කෝටියක් දෙවියන්ව වන්දනා කරන ICC ඉන්දීය කණ්ඩායමට ඇපත් නැති වෙන්ඩ වඩා ගෙන ගැහුවා.
It’s call beauty of pure Cricket
Not black magic