විස්සයි විස්ස පිටියේ චමරිට 09 වැනි තැන

Share post:

අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලයේ නවතම විස්සයි20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතඅතපත්තු පළමු 10 අතර රැඳී සිටියි.

ඒ අනුව ඇය ලොව ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

පසුගියදා නිමාවට පත්වූ බංග්ලාදේශයට එරෙහි තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමත් සමග චමරී ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත් වූවාය.

චමරි ලකුණු 643 ලබාගෙන 09 වැනි ස්ථානයේ රැඳී සිටිද්දී ලකුණු 801 ලබාගෙන ඔස්ට්‍රේලියාවේ තාලියා මැග්‍රාත් එහි පළමු ස්ථානයේ රැඳී සිටියි.

ඔස්ට්‍රේලියිවේ බෙත් මූනි එහි දෙවැනි ස්ථානයත් ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා තෙවැනි ස්ථානයෙත් රැඳී සිටියි.

වමතින් පන්දුවට පහරදෙන චමරි අතපත්තු ඇය එක්දින ජාත්‍යන්තර තරග පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ලකුණු 673 ක් ලබා ලොව 7 වැනි ස්ථානයේ සිටියි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...