විස්සයි විස්ස පිටියේ චමරිට 09 වැනි තැන

Share post:

අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලයේ නවතම විස්සයි20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතඅතපත්තු පළමු 10 අතර රැඳී සිටියි.

ඒ අනුව ඇය ලොව ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

පසුගියදා නිමාවට පත්වූ බංග්ලාදේශයට එරෙහි තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමත් සමග චමරී ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත් වූවාය.

චමරි ලකුණු 643 ලබාගෙන 09 වැනි ස්ථානයේ රැඳී සිටිද්දී ලකුණු 801 ලබාගෙන ඔස්ට්‍රේලියාවේ තාලියා මැග්‍රාත් එහි පළමු ස්ථානයේ රැඳී සිටියි.

ඔස්ට්‍රේලියිවේ බෙත් මූනි එහි දෙවැනි ස්ථානයත් ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා තෙවැනි ස්ථානයෙත් රැඳී සිටියි.

වමතින් පන්දුවට පහරදෙන චමරි අතපත්තු ඇය එක්දින ජාත්‍යන්තර තරග පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ලකුණු 673 ක් ලබා ලොව 7 වැනි ස්ථානයේ සිටියි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...