ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට පෙර සිංගප්පූරුවට යයි : හෙට ගන්නයි හිටියෙ – පොලිසිය

Share post:

ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ දේවගැති ප්‍රෝපට් ජෙරම් ප්‍රනාන්දු හදිසියේම සිංගප්පූරුව බලා පිටත් ව ගොස් තිබේ.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (International Covenant on Civil and Political Rights – ICCPR) යටතේ හෙට (17) දිනය තුළ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නීති උපදෙස් ලබාගනිමින් තිබූ බව මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී අනාවරණය විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු තහවුරු කළේ ඔහු අනිවාර්යෙන් ම එම පනත යටතේ අත්අඩංගුවට ගැනෙනු ඇති බවයි.
මෙම දේවගැතිවරයා විසින් නිශ්චිත ආගමකට බලපෑම් කරන අයුරින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බව මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ දෙවගතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කදින්ම පරීක්ෂණයක් සිදු කර, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
මෙසේ විමර්ශන ක්‍රියාත්මක වන අතරතුරදී ය, ඔහු හදිසියේ විදේශගත වී ඇත්තේ. මෙම දේවගැතිවරයා විසින් බුදුරජාණන් වහන්සේට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම දේවගැතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් අද (16) දවස පුරා සමාජ මාධ්‍ය තුළ සීග්‍රයෙන් සංසරණය විය. කෙසේ වෙතත් එය සත්‍ය ඡායාරූපයක් ද යන්න සම්බන්ධයෙන් අපට තහවුරු කරගැනීමට හැකි වූයේ නැත.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...