ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට පෙර සිංගප්පූරුවට යයි : හෙට ගන්නයි හිටියෙ – පොලිසිය කාලීන Share post: WhatsAppFacebookXPinterest May 16, 2023 ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ දේවගැති ප්‍රෝපට් ජෙරම් ප්‍රනාන්දු හදිසියේම සිංගප්පූරුව බලා පිටත් ව ගොස් තිබේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (International Covenant on Civil and Political Rights – ICCPR) යටතේ හෙට (17) දිනය තුළ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නීති උපදෙස් ලබාගනිමින් තිබූ බව මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී අනාවරණය විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු තහවුරු කළේ ඔහු අනිවාර්යෙන් ම එම පනත යටතේ අත්අඩංගුවට ගැනෙනු ඇති බවයි. මෙම දේවගැතිවරයා විසින් නිශ්චිත ආගමකට බලපෑම් කරන අයුරින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බව මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේ දෙවගතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කදින්ම පරීක්ෂණයක් සිදු කර, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. මෙසේ විමර්ශන ක්‍රියාත්මක වන අතරතුරදී ය, ඔහු හදිසියේ විදේශගත වී ඇත්තේ. මෙම දේවගැතිවරයා විසින් බුදුරජාණන් වහන්සේට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම දේවගැතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් අද (16) දවස පුරා සමාජ මාධ්‍ය තුළ සීග්‍රයෙන් සංසරණය විය. කෙසේ වෙතත් එය සත්‍ය ඡායාරූපයක් ද යන්න සම්බන්ධයෙන් අපට තහවුරු කරගැනීමට හැකි වූයේ නැත. TagsInternational Covenant on Civil and Political Rightsප්‍රෝපට් ජෙරම් ප්රනාන්දුමහින්ද රාජපක්ෂ Previous articleටෙලිනාට්‍ය නිෂ්පාදිකා නෙත්තිකුමාරගේ නිවසේ කාන්තාවක මිය යෑම : පහරදීමෙන් සිදු වූ මරණයක් දැයි සැකයක් : විවෘත තීන්දුවක් දීලා තියෙන්නෙ – පොලිස් මාධ්‍ය ප්‍රකාශකNext articleවිස්සයි විස්ස පිටියේ චමරිට 09 වැනි තැන රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood” Editor - May 21, 2026 කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි ! කාලීන තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි ! කාලීන අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි ! කාලීන දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් ! කාලීන 79 වැනි කාන් සිනමා උළෙලේ විශේෂ ගෞරව සම්මානය හොලිවුඩ් සුපිරි නළුවකුට ! කලා Related articles කලා රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood” රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි.... කාලීන කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි ! කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ.... කාලීන තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි ! අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ... කාලීන අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි ! අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...