වෙසක් විචිත්‍රවත් කළ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් !

Share post:

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පොහොය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාර කටයුතුවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා මට්ටමින් වෙසක් සැරසිලි සහ දන්සල් රැසක් සංවිධානය කර තිබිණි. මැයි මස 4 වැනි දා පටන් 8 වැනි දා දක්වා මාවනැල්ල, කුලියාපිටිය, හලාවත, කොට්ටාව සහ මාතර යන ප්‍රදේශවල ශාඛා මට්ටමින් දන්සල් මාලාවක් ක්‍රියාත්මක වූ අතර ඊට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන එකම වර්ණයේ වෙසක් සැරසිලිවලින් දිවයිනේ සෑම ශාඛාවක්ව විචිත්‍රවත් කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මක විය.

එහි ප්‍රධාන වැඩසටහන මැයි මස 8 වැනි දා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහිදි ප්‍රධාන කාර්යාලය විසින් සෞඛ්‍යාරක්ෂිතව මඤ්ඤොක්කා දන්සලක්ද සංවිධානය කරනු ලැබ තිබිණි. ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වූහ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර තුනක් අඛණ්ඩව වෙසක් උත්සවය විචිත්‍රවත් ලෙස පැවැත්වීමට නොහැකි වූ නිසා මෙවර වෙසක් උත්සවය ඉතා ඉහළින් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබිණි. ඒ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලය විසින් ඉහළ දායකත්වයක් සපයන ලදී.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...