වෙසක් විචිත්‍රවත් කළ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් !

Share post:

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පොහොය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාර කටයුතුවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා මට්ටමින් වෙසක් සැරසිලි සහ දන්සල් රැසක් සංවිධානය කර තිබිණි. මැයි මස 4 වැනි දා පටන් 8 වැනි දා දක්වා මාවනැල්ල, කුලියාපිටිය, හලාවත, කොට්ටාව සහ මාතර යන ප්‍රදේශවල ශාඛා මට්ටමින් දන්සල් මාලාවක් ක්‍රියාත්මක වූ අතර ඊට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන එකම වර්ණයේ වෙසක් සැරසිලිවලින් දිවයිනේ සෑම ශාඛාවක්ව විචිත්‍රවත් කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මක විය.

එහි ප්‍රධාන වැඩසටහන මැයි මස 8 වැනි දා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කොල්ලුපිටියේ පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහිදි ප්‍රධාන කාර්යාලය විසින් සෞඛ්‍යාරක්ෂිතව මඤ්ඤොක්කා දන්සලක්ද සංවිධානය කරනු ලැබ තිබිණි. ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වූහ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර තුනක් අඛණ්ඩව වෙසක් උත්සවය විචිත්‍රවත් ලෙස පැවැත්වීමට නොහැකි වූ නිසා මෙවර වෙසක් උත්සවය ඉතා ඉහළින් සංවිධානය කිරීමට කටයුතු යොදා තිබිණි. ඒ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලය විසින් ඉහළ දායකත්වයක් සපයන ලදී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...