සීයට පහේ රජුන් තනන්නා

Share post:

ඊයේ(14) පැවති තුර්කි මැතිවරණයෙන් වත්මන් ජනාධිපති Recep Tayyip Erdogan ට සහ ඔහුගේ ප්‍රධානතම තරගකරුවා වූ Kemal Kilicdaroglu යන අපේක්ෂකයන් දෙදෙනාටම 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකිවූ නිසා තුර්කි ජනාධිපතිවරණය දෙවන අදියරක් දක්වා ගමන් කිරීමට සිදුවී ඇත.

මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් පිරිස අතරින් වත්මන් ජනාධිපති Erdoganට ලබාගැනීමට හැකිවූයේ 49.5%ක ප්‍රතිශතයක් වන අතර, විපක්ෂයේ ප්‍රබලතම අපේක්ෂකයා වූ Kilicdaroglu ලබාගත්තේ 44.8%ක ප්‍රතිශතයකි. මැතිවරණයේ මුල් කොටසේ ප්‍රතිඵලවලින් Erdogan ඉදිරියෙන් සිටි නිසා අන්කාරා නගරයේ පක්ෂ කාර්යාලය ඉදිරියේ ඊයේ රාත්‍රී සැණකෙලි සිරියක් ගෙන තිබුණි.

නමුත් අවසන් ප්‍රතිඵලය අනුව ඔහුට නැවත ජනාධිපති පදවියට පත්වීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව නොලැබී තිබියදීත් Erdogan ජනතාවට ප්‍රකාශ කලේ දෙවනි වටයෙන් ජයගන්නේද තමන් බවය. කෙසේ වෙතත් දෙවනි වටයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පමණක් තරගය පැවැත්වෙන නිසා සෙසු අපේක්ෂකයන්ගේ ඡන්ද ගොඩට වැඩි වටිනාකමක් ලැබෙන්නේ නිරායාසයෙනි.

ඒ අනුව තුර්කි ජනාධිපතිවරණයේ තෙවැනි තැනට වැඩිම ඡන්ද ලබාගෙන ඇති Sinan Ogan ගේ 5%ක ඡන්ද ප්‍රමාණයට ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇති අතර, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Ogan යනු තුර්කියේ රජුන් තනන්නා බවට පත්ව ඇති බවය.

කෙසේ වෙතත් තුර්කි මාධ්‍ය වාර්තා කරන්නේ Ogan ගේ සහය බොහෝ දුරට වත්මන් ජනාධිපති Erdoganට ලැබීමට වැඩි ඉඩක් ඇති බවය.

Erdogan 2014 වසරේදී තුර්කියේ 12 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර, වසර 9ක ඔහුගේ පාලන කාලය තුල විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති තුර්කියේ ක්‍රියාත්මක කිරීම, විදේශ සෘජු ආයෝජන වැඩි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි විශේෂ ඇගයීම් හිමිවෙද්දි රටේ වෙළඳපොල ක්‍රියාකාරිත්වය සහ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතා නිසා උද්ධමනය 80% දක්වා වර්ධනය වීම සහ මෑතකදී සිදුවූ ස්වාභාවික අපදා අවස්ථාවලද ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ලවිය.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...