සීයට පහේ රජුන් තනන්නා

Share post:

ඊයේ(14) පැවති තුර්කි මැතිවරණයෙන් වත්මන් ජනාධිපති Recep Tayyip Erdogan ට සහ ඔහුගේ ප්‍රධානතම තරගකරුවා වූ Kemal Kilicdaroglu යන අපේක්ෂකයන් දෙදෙනාටම 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකිවූ නිසා තුර්කි ජනාධිපතිවරණය දෙවන අදියරක් දක්වා ගමන් කිරීමට සිදුවී ඇත.

මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් පිරිස අතරින් වත්මන් ජනාධිපති Erdoganට ලබාගැනීමට හැකිවූයේ 49.5%ක ප්‍රතිශතයක් වන අතර, විපක්ෂයේ ප්‍රබලතම අපේක්ෂකයා වූ Kilicdaroglu ලබාගත්තේ 44.8%ක ප්‍රතිශතයකි. මැතිවරණයේ මුල් කොටසේ ප්‍රතිඵලවලින් Erdogan ඉදිරියෙන් සිටි නිසා අන්කාරා නගරයේ පක්ෂ කාර්යාලය ඉදිරියේ ඊයේ රාත්‍රී සැණකෙලි සිරියක් ගෙන තිබුණි.

නමුත් අවසන් ප්‍රතිඵලය අනුව ඔහුට නැවත ජනාධිපති පදවියට පත්වීමට අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව නොලැබී තිබියදීත් Erdogan ජනතාවට ප්‍රකාශ කලේ දෙවනි වටයෙන් ජයගන්නේද තමන් බවය. කෙසේ වෙතත් දෙවනි වටයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පමණක් තරගය පැවැත්වෙන නිසා සෙසු අපේක්ෂකයන්ගේ ඡන්ද ගොඩට වැඩි වටිනාකමක් ලැබෙන්නේ නිරායාසයෙනි.

ඒ අනුව තුර්කි ජනාධිපතිවරණයේ තෙවැනි තැනට වැඩිම ඡන්ද ලබාගෙන ඇති Sinan Ogan ගේ 5%ක ඡන්ද ප්‍රමාණයට ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇති අතර, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Ogan යනු තුර්කියේ රජුන් තනන්නා බවට පත්ව ඇති බවය.

කෙසේ වෙතත් තුර්කි මාධ්‍ය වාර්තා කරන්නේ Ogan ගේ සහය බොහෝ දුරට වත්මන් ජනාධිපති Erdoganට ලැබීමට වැඩි ඉඩක් ඇති බවය.

Erdogan 2014 වසරේදී තුර්කියේ 12 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර, වසර 9ක ඔහුගේ පාලන කාලය තුල විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති තුර්කියේ ක්‍රියාත්මක කිරීම, විදේශ සෘජු ආයෝජන වැඩි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි විශේෂ ඇගයීම් හිමිවෙද්දි රටේ වෙළඳපොල ක්‍රියාකාරිත්වය සහ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතා නිසා උද්ධමනය 80% දක්වා වර්ධනය වීම සහ මෑතකදී සිදුවූ ස්වාභාවික අපදා අවස්ථාවලද ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ලවිය.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...