ඇමතිට එරෙහි නඩුව සමථයකට : ක්‍රිකට් නිලවරණය පරණ ක්‍රමයට

Share post:

ක්‍රීඩා ඇමතිවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් හඳුන්වාදෙමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් ආයතනය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් සමථයකට පත් විය හැකි බව පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 14වැනිදා අංක 2310/28 යන ගැසට්පත්‍රවලින් නව රෙගුලාසි සහ නියෝග ප්‍රකාශයට පත් කළේය.

එලෙස ප්‍රකාශයට පත් කළ රෙගුලාසි මාලාව අඩංගු ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය පෙබරවාරි 27 වැනිදාය.

පසුව අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම් 3ක් ගොනුකර තිබුණි.

මෙම පෙත්සම් ඊයේ (15) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් සමථයකට පත්විය හැකි බව ප්‍රකාශ කර ඇත.

එම සමත කොන්දේසි අනුව ක්‍රීඩා ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අගෝස්තු මස පළමුවෙනිදා සිට බල පැවැත්වේ.

එමෙන්ම මීට පෙර සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පවත්වන අතර එය පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව පැවැත්වෙනු ඇත.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...