ඇමතිට එරෙහි නඩුව සමථයකට : ක්‍රිකට් නිලවරණය පරණ ක්‍රමයට

Share post:

ක්‍රීඩා ඇමතිවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් හඳුන්වාදෙමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් ආයතනය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් සමථයකට පත් විය හැකි බව පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 14වැනිදා අංක 2310/28 යන ගැසට්පත්‍රවලින් නව රෙගුලාසි සහ නියෝග ප්‍රකාශයට පත් කළේය.

එලෙස ප්‍රකාශයට පත් කළ රෙගුලාසි මාලාව අඩංගු ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය පෙබරවාරි 27 වැනිදාය.

පසුව අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම් 3ක් ගොනුකර තිබුණි.

මෙම පෙත්සම් ඊයේ (15) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් සමථයකට පත්විය හැකි බව ප්‍රකාශ කර ඇත.

එම සමත කොන්දේසි අනුව ක්‍රීඩා ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අගෝස්තු මස පළමුවෙනිදා සිට බල පැවැත්වේ.

එමෙන්ම මීට පෙර සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පවත්වන අතර එය පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව පැවැත්වෙනු ඇත.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...