හැත්තෑ එක වසන්තේ

Share post:

හැත්තෑ එක වසන්තේ
කොවුල් හඬ දස අතේ
ඒ මැදින් ගිය මගේ
ලියැවුණා කැරැළි හිස්ටරි පොතේ

දිසා කිව්වට දිසාවක්
ඒක හිරු මෙන් ඇති මගක්
බොසා කිව්වොත් මුසාවක්
මොකා කිව්වත් කතාවක්

වසන්තය වසන්තයමය
වෙනස් වන සොභා දහමය
නුඹ තවත් මාක්ස්මය
උපැස් යුග බිතු සිතුවම ය

ගඟ යයි ගලාගෙන
අවැසි ලෙස වෙනස් වීගෙන
කොහොම ගැලුවත් දියම ය
නුඹ ඉතින් වසන්ත ය

පරපුරක රස පිරුණු පුරුකක්
ජීවිතය උක් ගසක වියතක්
අරගලේ නුඹත් මහ වියතෙක්
ඉතිර කර ගෙන ආව ගමනක්

වසන්තය නුඹේ මුව සිනහවය
පරාජය කියා හැර ගොස් නැති ය
ව්‍යුත්පත්තිය තැන්පත්ය
ඒක රූපක සොඳුරු රැඩිකල්ය

කියා නැත වියපත්
රැය තමයි ගෙනෙන සියපත්
නුඹේ සිහිනය පොහොසත්
වෙනස් කෝණෙක මිනිසත්

කැරැල්ලේ මහ නඩුව
නඩුව යට ඇති ඒ කඩුව
කතා ඇහුවම සෙන්පති ය
ඉගෙන ගන්නට බොහොම ය

හැත්තැ එක එක පිටුවක්
ඒ පිටුව මහ ලොකු පොතක්
කතා ඇතුළේ කතා ගොන්නක්
නුඹත් එකේ මහව්ෂධ චරිතයක්

ෆැට්‍රික් වසන්ත වනාහී දෙන්නෙක්
ඒ දෙනම දියැසේ ලෝකයක්
අඳින්නට බැරි උනත් සිතුවමක්
රතු පාට ගිහින් නැති සායමක්

සහෝදරයා කියන වචනය
වචනයේ අර්ථය පිරිපුන් ය
පිරුණු කළයක නොසැලි දිය
දියත තුල නුඹ දියම ය

මාලා අක්කා දිවියේ ගමන් සගයා
ප්‍රේමයේ මල් දමෙන් ගොතලා
විසංවාදය අතර පෙම පටලා
ජීවිතය කැරුල්ලෙන් කොටලා

ඔහොම යමු ඔහොම යමු
තව කලක් ඔහොම යමු
උතුම් මිනිසුන් හමු වෙමු
මාක්ස් තවමත් කියවමු

දීර්ඝා යුෂ ඔබට
දීඝායු නුඹ දුරට
දීර්ඝය මේ බිමට
දීර්ඝා යුෂ නුඹට

උදය ආර්. තෙන්නකෝන්

12.05.23
(වසන්ත අය්යා හෙවත් වසන්ත සහෝදරයා)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...