‘පෙරට යමු’ තරුණ ව්‍යාපාරය තායිලන්තයේ දේශපාලන ක්‍රීඩාව වෙනස් කරන ලකුණු !

Share post:

මැයි 14 වනදාට පැවැත්වීමට නියමිත මෙවර මැතිවරණයත් සමඟ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්තයේ තරුණ පිරිස් විරෝධතා ආරම්භකර තිබෙනවා. මෙතෙක් දේශපාලනික ලෙස එතෙරම් කළඑළි නොබැස සිටි තරුණ පිරිසක් (lost generation) මෙසේ ඉල්ලීම් මුල්කර ගනිමින් එක්රැස් වෙමින් තිබීම සහ ඉදිරියට ඒම තරමක් නැවුම් ප්‍රවණතාවක්.
මහජන චන්දයෙන් පත්වූ ආණ්ඩුව බලාහත්කාරයෙන් පෙරළා දමා 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයක් මගින් පාලන බලය අත්පත් කරගැනීමට එරෙහිව සහ පොලිස් බලය ජනතා මර්ධනය වෙනුවෙන් යොදාගැනීමට එරෙහිව, රාජ්‍යත්වය උත්කර්ෂයට නැඟීම වැනි තායිලන්තයේ කොන්සර්වේටිව් ලක්ෂණ වලට එරෙහිව මේ තරුණ නැඟිටීම ඇතිව තිබෙනවා.
මේ සඳහා මුල්තැන අරගෙන තිබෙන්නේ මැතිවරණයේ බලය ලබාගැනීම පිළිබද වැඩි විශ්වාසයක් ඇති ජනප්‍රිය පියු තායි පක්ෂය (Pheu Thai Party) සහ නැවුම් ”පෙරට යමු” (Move Forward) තරුණ ව්‍යාපාරයයි. මේ ව්‍යපාර දෙක විසින් මෙහෙයවන මෙවර මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විශාල ජයක් බලාපොරොත්තු වෙනවා.

තමාගේ පියා බලයෙන් පහකිරීමේ වාඩුව ගැනීමට මෙවර පියු තායි පක්ෂයේ නායිකාව වන පීටොන්ටන් ෂිනවාත්‍රා (පීටා) අදිටන් කරගෙන සිටිනවා. තරුණ කොටස් අතර ඇය ඉතාම ජනප්‍රිය නායිකාවක්.

ඇයගේ පියා වන තක්ෂින් ෂිනවාත්‍රාද නාගරික වැඩකරන පංතිය අතර ජනප්‍රිය නායකයෙක් වීම වැදගත් කරුණක් ලෙස සැලකෙනවා. පීටා එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරු අයෙක්.

නමුත් තායිලන්තයේ මෙවර දේශපාලනයේ ක්‍රීඩාව වෙනස් කළ (game changer) ප්‍රධාන සාධකය ලෙස ගැනෙන්නේ ‘පෙරට යමු’ ව්‍යාපාරයයි. එය සියවස් ගණනක් තායිලන්තයේ පැවති අධිපති දේශපාලන සංස්ථාව බිඳදමනු ඇති බවට අන්තර්ජාතික දේශපාලනය නිරීක්ෂකයින් අනුමාන කරනවා.

මහේෂ් හපුගොඩ

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...