‘පෙරට යමු’ තරුණ ව්‍යාපාරය තායිලන්තයේ දේශපාලන ක්‍රීඩාව වෙනස් කරන ලකුණු !

Share post:

මැයි 14 වනදාට පැවැත්වීමට නියමිත මෙවර මැතිවරණයත් සමඟ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉල්ලා තායිලන්තයේ තරුණ පිරිස් විරෝධතා ආරම්භකර තිබෙනවා. මෙතෙක් දේශපාලනික ලෙස එතෙරම් කළඑළි නොබැස සිටි තරුණ පිරිසක් (lost generation) මෙසේ ඉල්ලීම් මුල්කර ගනිමින් එක්රැස් වෙමින් තිබීම සහ ඉදිරියට ඒම තරමක් නැවුම් ප්‍රවණතාවක්.
මහජන චන්දයෙන් පත්වූ ආණ්ඩුව බලාහත්කාරයෙන් පෙරළා දමා 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයක් මගින් පාලන බලය අත්පත් කරගැනීමට එරෙහිව සහ පොලිස් බලය ජනතා මර්ධනය වෙනුවෙන් යොදාගැනීමට එරෙහිව, රාජ්‍යත්වය උත්කර්ෂයට නැඟීම වැනි තායිලන්තයේ කොන්සර්වේටිව් ලක්ෂණ වලට එරෙහිව මේ තරුණ නැඟිටීම ඇතිව තිබෙනවා.
මේ සඳහා මුල්තැන අරගෙන තිබෙන්නේ මැතිවරණයේ බලය ලබාගැනීම පිළිබද වැඩි විශ්වාසයක් ඇති ජනප්‍රිය පියු තායි පක්ෂය (Pheu Thai Party) සහ නැවුම් ”පෙරට යමු” (Move Forward) තරුණ ව්‍යාපාරයයි. මේ ව්‍යපාර දෙක විසින් මෙහෙයවන මෙවර මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විශාල ජයක් බලාපොරොත්තු වෙනවා.

තමාගේ පියා බලයෙන් පහකිරීමේ වාඩුව ගැනීමට මෙවර පියු තායි පක්ෂයේ නායිකාව වන පීටොන්ටන් ෂිනවාත්‍රා (පීටා) අදිටන් කරගෙන සිටිනවා. තරුණ කොටස් අතර ඇය ඉතාම ජනප්‍රිය නායිකාවක්.

ඇයගේ පියා වන තක්ෂින් ෂිනවාත්‍රාද නාගරික වැඩකරන පංතිය අතර ජනප්‍රිය නායකයෙක් වීම වැදගත් කරුණක් ලෙස සැලකෙනවා. පීටා එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරු අයෙක්.

නමුත් තායිලන්තයේ මෙවර දේශපාලනයේ ක්‍රීඩාව වෙනස් කළ (game changer) ප්‍රධාන සාධකය ලෙස ගැනෙන්නේ ‘පෙරට යමු’ ව්‍යාපාරයයි. එය සියවස් ගණනක් තායිලන්තයේ පැවති අධිපති දේශපාලන සංස්ථාව බිඳදමනු ඇති බවට අන්තර්ජාතික දේශපාලනය නිරීක්ෂකයින් අනුමාන කරනවා.

මහේෂ් හපුගොඩ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...