අයර්ලන්ත බලාපොරොත්තු වැස්සට සේදෙයි : සුදුසුකම් ලැබීමේ තරග ජුනි 18

Share post:

අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර චෙල්ම්ස්ෆෝර්ඩ් හි පැවති පළමු එක්දින තරගය නොකඩවා ඇද හැලුණු වර්ෂාවෙන් පසු අතහැර දැමීමත් සමග 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට අයර්ලන්ත කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගත් අවසාන රට බවට පත්වීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

සෘජුවම සුදුසුකම් ලබා ගත් අනෙකුත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව (සත්කාරක), නවසීලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානයි.

මීට අමතරව එක්දින ලෝක කුසලානයේ සුපර් ලීගයේ අවසන් ස්ථාන 5 ට පත් වු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, ශ‍්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය මෙන්ම නේපාලය, ඕමානය, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකාව ඇතුළු කණ්ඩායම් දහයක් සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරගාවලියට සිම්බාබ්වේ දේශයේ දී තරගවදිනු ඇත.

එම තරගාවලිය ලබන ජුනි මස 18 වැනිදා සිට ජුලි මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...