අයර්ලන්ත බලාපොරොත්තු වැස්සට සේදෙයි : සුදුසුකම් ලැබීමේ තරග ජුනි 18

Share post:

අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර චෙල්ම්ස්ෆෝර්ඩ් හි පැවති පළමු එක්දින තරගය නොකඩවා ඇද හැලුණු වර්ෂාවෙන් පසු අතහැර දැමීමත් සමග 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැර දැමීමට අයර්ලන්ත කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගත් අවසාන රට බවට පත්වීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

සෘජුවම සුදුසුකම් ලබා ගත් අනෙකුත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව (සත්කාරක), නවසීලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානයි.

මීට අමතරව එක්දින ලෝක කුසලානයේ සුපර් ලීගයේ අවසන් ස්ථාන 5 ට පත් වු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, ශ‍්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය මෙන්ම නේපාලය, ඕමානය, ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකාව ඇතුළු කණ්ඩායම් දහයක් සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරගාවලියට සිම්බාබ්වේ දේශයේ දී තරගවදිනු ඇත.

එම තරගාවලිය ලබන ජුනි මස 18 වැනිදා සිට ජුලි මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...