කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලිය 12 ඇරඹෙයි

Share post:

ජාත්‍යන්තර චෙස් තරගාවලිය මේ මස 12 සිට 16 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ සහභාගී වීමට නියමිතය.

මෙය තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ පදක්කම් මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමීමට නියමිත අතර විවෘත ශූරතාවය සඳහා රුපියල් 200,000ක් ද අනුශූරතාව සදහා රුපියල් 100,000ක් ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 50,000ක් ද එමෙන්ම එම ඉසව්වේ සිව් වැනි ස්ථානයේ සිට පහළොස් වැනි ස්ථාන සදහා ද මුදල් ත්‍යාග පිරිනමනු ඇත.

එමෙන්ම කාන්තා ශූරතාව සදහා රුපියල් 60,000ක් ද අනු ශූරතාව සදහා රුපියල් 35,000 ක්ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 25,000ක් ද එම ඉසව්වේද සිව් වැනි හා පස් වැනි ස්ථාන දෙක සදහා ද මුදල් ත්‍යාග පිරිනැමේ.

තරගාවලියේ වයස 7 න් පහළ 9 න් පහළ 11 න් පහළ 13 න් පහළ සහ 15 න් පහළ බාලක ,බාලිකා තරග ඉසව්වල ජ්‍යග්‍රාහකයින්ට ද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි සංවිධායකයින් පවසයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...