කොළඹ ජාත්‍යන්තර චෙස් තරගාවලිය 12 ඇරඹෙයි

Share post:

ජාත්‍යන්තර චෙස් තරගාවලිය මේ මස 12 සිට 16 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ සහභාගී වීමට නියමිතය.

මෙය තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ පදක්කම් මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමීමට නියමිත අතර විවෘත ශූරතාවය සඳහා රුපියල් 200,000ක් ද අනුශූරතාව සදහා රුපියල් 100,000ක් ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 50,000ක් ද එමෙන්ම එම ඉසව්වේ සිව් වැනි ස්ථානයේ සිට පහළොස් වැනි ස්ථාන සදහා ද මුදල් ත්‍යාග පිරිනමනු ඇත.

එමෙන්ම කාන්තා ශූරතාව සදහා රුපියල් 60,000ක් ද අනු ශූරතාව සදහා රුපියල් 35,000 ක්ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 25,000ක් ද එම ඉසව්වේද සිව් වැනි හා පස් වැනි ස්ථාන දෙක සදහා ද මුදල් ත්‍යාග පිරිනැමේ.

තරගාවලියේ වයස 7 න් පහළ 9 න් පහළ 11 න් පහළ 13 න් පහළ සහ 15 න් පහළ බාලක ,බාලිකා තරග ඉසව්වල ජ්‍යග්‍රාහකයින්ට ද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි සංවිධායකයින් පවසයි.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...