ආත්මාර්ථකාමී වෙන්න එපා : ෆැන්සිස් පාප් හංගේරියාවෙන් ඉල්ලයි

Share post:

සංක්‍රමණිකයන්ට දොරටු විවෘත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හංගේරියාවෙන් ඉල්ලීම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා හංගේරියාවේ සංචාරය කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එරට බුඩාපෙස්ට් අගනුවර පැවැති සිය දේශනයේදී මේ බව පැවසීය.

පාප් වහන්සේ මේ ඉල්ලීම කර ඇත්තේ එරට රජය සංක්‍රමණිකයන්ට හංගේරියාවට ඇතුළුවීම තහනම් කිරීමට ප්‍රතිචාර දක්වමිණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්රේනයේ රුසියාවේ යුද්ධය අවසන් කරන ලෙස තමන් ආයාචනා කරන බවද උන් වහන්සේ පවසා තිබේ.

විශේෂයෙන්ම පාප් වහන්සේ හංගේරියාවෙන් සහ යුරෝපයෙන්ම ඉල්ලා සිටියේ යුද්ධයෙන්, දරිද්‍රතාවයෙන් සහ දේශගුණික විපර්යාසවලින් පලා යන පිරිස් සාදරයෙන් පිළිගන්නා ලෙසයි.

එමෙන්ම සංක්‍රමණිකයන්ට අවසර නොදීම කණගාටුදායක සහ වේදනාකාරී සිදුවීමක් බව වැඩිදුරටත් අවධාරණය කරන උන්වහන්සේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හංගේරියාවට සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමට කටු කම්බි වැටක් ඉදිකරමින් මාර්ග බාධක යෙදීම ආත්මාර්ථකාමීත්වය පෙන්නුම් කරන්නක් බව ද පවසා ඇත.

මෙම දේශනය සඳහා හංගේරියාවේ අගමැති වික්ටර් ඕබන් ඇතුළු ලක්ෂයකට ආසන්න හංගේරියානු ජනතාව එම හමුවට සහභාගි වී ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...