ආත්මාර්ථකාමී වෙන්න එපා : ෆැන්සිස් පාප් හංගේරියාවෙන් ඉල්ලයි

Share post:

සංක්‍රමණිකයන්ට දොරටු විවෘත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හංගේරියාවෙන් ඉල්ලීම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා හංගේරියාවේ සංචාරය කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එරට බුඩාපෙස්ට් අගනුවර පැවැති සිය දේශනයේදී මේ බව පැවසීය.

පාප් වහන්සේ මේ ඉල්ලීම කර ඇත්තේ එරට රජය සංක්‍රමණිකයන්ට හංගේරියාවට ඇතුළුවීම තහනම් කිරීමට ප්‍රතිචාර දක්වමිණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්රේනයේ රුසියාවේ යුද්ධය අවසන් කරන ලෙස තමන් ආයාචනා කරන බවද උන් වහන්සේ පවසා තිබේ.

විශේෂයෙන්ම පාප් වහන්සේ හංගේරියාවෙන් සහ යුරෝපයෙන්ම ඉල්ලා සිටියේ යුද්ධයෙන්, දරිද්‍රතාවයෙන් සහ දේශගුණික විපර්යාසවලින් පලා යන පිරිස් සාදරයෙන් පිළිගන්නා ලෙසයි.

එමෙන්ම සංක්‍රමණිකයන්ට අවසර නොදීම කණගාටුදායක සහ වේදනාකාරී සිදුවීමක් බව වැඩිදුරටත් අවධාරණය කරන උන්වහන්සේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හංගේරියාවට සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමට කටු කම්බි වැටක් ඉදිකරමින් මාර්ග බාධක යෙදීම ආත්මාර්ථකාමීත්වය පෙන්නුම් කරන්නක් බව ද පවසා ඇත.

මෙම දේශනය සඳහා හංගේරියාවේ අගමැති වික්ටර් ඕබන් ඇතුළු ලක්ෂයකට ආසන්න හංගේරියානු ජනතාව එම හමුවට සහභාගි වී ඇත.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...