අපේ නිජබිම් පෞද්ගලික සමාගම්වලට දෙන්න හදනවා : මහවැලියට එරෙහි ආදිවාසී නායකයාගේ පෙත්සම විභාගයට !

Share post:

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් එළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

ඒ, එම පෙත්සම අද (02) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

මහවැලි අධිකාරිය ගෙන ඇති මෙම තීරණයට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් එම පෙත්සම ගොනුකර තිබූ අතර, එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 8දා කැඳවන ලෙස ය.

පෙත්සම්කාර ආදිවාසී නායකයා අදාළ පෙත්සමේ සඳහන් කර ඇත්තේ රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම එළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවයි. මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බවත්, එබැවින් අදාළ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම නඩුව ගොනුකර තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...