Fcode Labs ආසියාවේ හොඳම සේවා ස්ථාන අතර 35 වැනි ස්ථානයට !

Share post:

Great Place to Work විසින් මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs (www.fcodelabs.com) ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත කර තිබේ.

ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයට අයත් සේවය කිරීමට වඩාත් සුදුසු ආසියානු සමාගම් අතර 35 වැනි ස්ථානය එම සමාගමට හිමි වී ඇත. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති ‘Great Place to Work Awards – 2022’ සම්මාන උළෙලට සහභාගි වූ Fcode Labs කණ්ඩායම වෙත මෙම සහතිකය පිරිනමන ලදි. පාරිභෝගික තෘප්තිය හා සමානව ම කාර්යමණ්ඩලයේ තෘප්තිය ද අගය කරන සමාගම් ගණනාවක් අතරින් ආසියාවේ හොඳම සේවා ස්ථානයක් බවට පත්වීම Fcode Labs ලැබූ ජයග්‍රහණයකි.

ඉහළ වැටුප් ලබන Fcode Labs සේවක-සේවිකාවන් ඔවුන්ට පැවරී ඇති රාජකාරි පිළිබඳව ඉතා තෘප්තිමත් බව අදාළ දත්ත මගින් තහවුරු වේ. අර්බුදකාරී අවස්ථාවක කාර්යමණ්ඩලය ඉටු කරන මෙහෙවර අවතක්සේරු නොකළ යුතු බව සමාගම දැඩි ව විශ්වාස කරයි. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂ ව සේවක වැටුප් ගණනය කිරීම සමාගම සේවක වැටුප් ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ගෙන ඇති වැදගත් පියවරකි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ මාර්ගගත ක්‍රමයට රාජකාරි කිරීමට සිදුවීම මෘදුකාංග සමාගම් මුහුණ දුන් විශාල අභියෝගයකි. එය 2022 වසරේ හොඳම සේවා ස්ථාන අතර ලැයිස්තුගත වීමට ද අභියෝගයක් විය. එම අභියෝගය සාර්ථකව බාර ගත් Fcode Labs දෙමුහුන් සේවා ක්‍රමයක් ස්ථාපිත කළේය. එමඟින් එහි සේවකයන්ට නම්‍යශීලී ව සහ පීඩනයකින් තොරව සේවය කිරීමට අවශ්‍ය නිදහස ලැබිණි.

සේවය කිරීමට හොඳම ස්ථානයක් වන Fcode Labs සියලුදෙනාගේ අදහස් සහ යෝජනා පිළිගන්නා විනෝදාත්මක සේවා ස්ථානයක් ද වේ. කාර්යාලයේදී මෙන්ම මාර්ගගත ක්‍රමයට පවත්වන විවිධ වැඩසටහන් හරහා සේවකයන් තුළ උද්යෝගය පවත්වාගෙන යාම ද සුවිශේෂ ලක්ෂණයකි.

ක්‍රීඩා උත්සව සහ විනෝද චාරිකා වැනි දෑ කණ්ඩායම් සම්බන්ධතා සහ සේවක අභිප්‍රේරණය ඉහළ නංවයි. විශිෂ්ට මෘදුකාංග නිෂ්පාදනය Fcode Labs සමාගමක් ලෙස ඉටුකරන කාර්යභාරය අතරින් කොටසක් පමණි. එහි දැකිය හැකි ධනාත්මක වටපිටාව සහ යහපත් වටිනාකම් සේවා ස්ථානයක් ලෙස එය ලබා ඇති දියුණුව මනාව පිළිබිඹු කරයි. අභියෝග රැසක් මධ්‍යයේ මෙතෙක් දුර පැමිණියත් ‘හොඳම දේ ඉදිරියට’ යන්න ඔවුන්ගේ විශ්වාසය වේ.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...