මැයි රැළියේදී ජවිපෙ ගැටුමක් ඇතිකරගන්නද හදන්නෙ? : අවශ්‍ය අනුමැතිය ඒගොල්ලොන්ට දීලා තියෙන්නෙ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින රැළියේදී අනවශ්‍ය ගැටුමක් ඇතිකර ගැනීම සඳහා අවසර නොලත් ස්ථානයක් එම පක්ෂයේ රැළිය පැවැත්වීම සඳහා යොදාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනාවක් එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ එම පක්ෂයේ අදාළ රැළිය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැති බවයි. විහාරමහාදේවි උද්‍යානය අසල එෆ්.ආර්. සේනානායක මාවතේ මැයි දින රැළිය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය අනුමැතිය විධිමත් ලෙස ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය පැවැත්වීම සඳහා ලබාදී ඇත්තේ බීආර්සී ක්‍රීඩාංගනය බවත්, ඊට එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ද ඉහළ පොලිස් නිලධාරීන් සමග මැයි රැළි පිළිබඳව පැවති සාකච්ඡාවකදී එකඟ වූ බවත් ය.   

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...