මැයි රැළියේදී ජවිපෙ ගැටුමක් ඇතිකරගන්නද හදන්නෙ? : අවශ්‍ය අනුමැතිය ඒගොල්ලොන්ට දීලා තියෙන්නෙ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share post:

ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින රැළියේදී අනවශ්‍ය ගැටුමක් ඇතිකර ගැනීම සඳහා අවසර නොලත් ස්ථානයක් එම පක්ෂයේ රැළිය පැවැත්වීම සඳහා යොදාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනාවක් එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ එම පක්ෂයේ අදාළ රැළිය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැති බවයි. විහාරමහාදේවි උද්‍යානය අසල එෆ්.ආර්. සේනානායක මාවතේ මැයි දින රැළිය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය අනුමැතිය විධිමත් ලෙස ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය පැවැත්වීම සඳහා ලබාදී ඇත්තේ බීආර්සී ක්‍රීඩාංගනය බවත්, ඊට එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ද ඉහළ පොලිස් නිලධාරීන් සමග මැයි රැළි පිළිබඳව පැවති සාකච්ඡාවකදී එකඟ වූ බවත් ය.   

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...