නායකත්ව ගැටුම නිසා සමසමාජ මැයි රැළියට අධිකරණයෙන් තහනම් නියෝගයක් !

Share post:

ලංකා සමසමාජ පක්ෂයේ පාර්ශ්ව දෙකක් විසින් කොළඹ, ටවුන් හෝල් අසල ඉබ්බන්වල මංසන්ධියේ පිහිටි එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට අද (01) පැවැත්වීමට නියමිත මැයි රැළිය තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මරදාන පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කිරීමට කටයුතු කර ඇත. ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ එම පක්ෂයේ නායකයා ලෙස නම් කරමින් එක් පාර්ශ්වයක් ද, ඊට විරෝධය පළකරමින් තවත් පාර්ශ්වයක් ද මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් විභාග කිරිමෙන් අනතුරුව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

තමන් විසින් ලංකා සමසමාජ පක්ෂයේ කාර්යාලයට ඉබි යතුරු දමා වසා තිබියදී, පක්ෂයේ ම තවත් පාර්ශ්වයක් එය කඩා වෙනත් ඉබි යතුරක් දැමීම සම්බන්ධයෙන් මහාචාර්ය තිස්ස විතාරණ පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබිණි. පසුව අනෙක් පාර්ශ්වය ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකර තිබේ.

අදාළ පාර්ශ්ව දෙක ම ලංකා සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට මැයි දින රැළි පැවැත්වීමට තීරණය කිරීමත් සමග එම ස්ථානයේ කලකාරී සිදුවීමක් ඇතිවිය හැකි බවට නිගමනය කරමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...