නායකත්ව ගැටුම නිසා සමසමාජ මැයි රැළියට අධිකරණයෙන් තහනම් නියෝගයක් !

Share post:

ලංකා සමසමාජ පක්ෂයේ පාර්ශ්ව දෙකක් විසින් කොළඹ, ටවුන් හෝල් අසල ඉබ්බන්වල මංසන්ධියේ පිහිටි එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට අද (01) පැවැත්වීමට නියමිත මැයි රැළිය තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මරදාන පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කිරීමට කටයුතු කර ඇත. ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ එම පක්ෂයේ නායකයා ලෙස නම් කරමින් එක් පාර්ශ්වයක් ද, ඊට විරෝධය පළකරමින් තවත් පාර්ශ්වයක් ද මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් විභාග කිරිමෙන් අනතුරුව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

තමන් විසින් ලංකා සමසමාජ පක්ෂයේ කාර්යාලයට ඉබි යතුරු දමා වසා තිබියදී, පක්ෂයේ ම තවත් පාර්ශ්වයක් එය කඩා වෙනත් ඉබි යතුරක් දැමීම සම්බන්ධයෙන් මහාචාර්ය තිස්ස විතාරණ පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබිණි. පසුව අනෙක් පාර්ශ්වය ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකර තිබේ.

අදාළ පාර්ශ්ව දෙක ම ලංකා සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට මැයි දින රැළි පැවැත්වීමට තීරණය කිරීමත් සමග එම ස්ථානයේ කලකාරී සිදුවීමක් ඇතිවිය හැකි බවට නිගමනය කරමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...