සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සණස සමිති 66ක නව සේවා ඒකක අරඹයි !

Share post:

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් දිවයිනේ තෝරා ගත් සණස සමිති 66ක නව සේවා ඒකක පිහිටුවන ලදී.

ඒ අනුව නව රක්ෂණාවරණ ඇරඹීමට, රක්ෂණාවරණ අලුත් කිරීමට, රක්ෂණාවරණවලට මුදල් ගෙවීමට තමන් පදිංචි ප්‍රදේශයේ සණස ශාඛා සමිති කාර්යාලයට පැමිණීම ප්‍රමාණවත් වේ. විශේෂයෙන්ම මෝටර් රථ රක්ෂණ කටයුතු වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට පාරිභෝගිකයන්ට මෙම නව සේවා ඒකක භාවිත කළ හැකිය.

සණස සාමාන්‍ය රක්ෂණ සමාගම 2019දී ඇරඹූ අතර, සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2022දී සණස සාමාන්‍ය රක්ෂණ සමාගම මෝටර් රථ අංශයේ සියයට 41ක වර්ධනයක් වාර්තා කරමින් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස සාමාන්‍ය රක්ෂණ සමාගම ඉතා කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත්වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දුන් රක්ෂණ සැලසුම් හා පාරිභෝගිකයන්ට සැපයූ විශිෂ්ට සේවයයි.

රටේ ප්‍රමුඛ හා විශ්වාසවන්ත රක්ෂණ සන්නාමයක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට උසස් සේවාවක් සපයයි. සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සිය පාරිභෝගිකයන්ට සේවා අවශ්‍යතා බාධාවකින් තොරව පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි. වසර ගණනාවක් පුරා තමන් සමග සිටින ගෞරවනීය ගනුදෙනුකරුවන්ට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ට වැඩි ජවයකින් සහ උනන්දුවෙන් සේවය කිරීමට අඛණ්ඩව කැප වන බවත් සණස සාමාන්‍ය රක්ෂණ සමාගම අවධාරණය කරයි. කළමනාකාරීත්වයේ හා නායකත්වයේ මෙන්ම සියලු සේවකයන්ගේ කැපවීම සහ ශක්තිමත් ව්‍යාපාරික උපාය මාර්ග සමග එක් වී නව තලයකට ආයතනය රැගෙන යාම සණස සාමාන්‍ය රක්ෂණ සමාගමේ ඒකායන අරමුණයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...