සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සණස සමිති 66ක නව සේවා ඒකක අරඹයි !

Share post:

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් දිවයිනේ තෝරා ගත් සණස සමිති 66ක නව සේවා ඒකක පිහිටුවන ලදී.

ඒ අනුව නව රක්ෂණාවරණ ඇරඹීමට, රක්ෂණාවරණ අලුත් කිරීමට, රක්ෂණාවරණවලට මුදල් ගෙවීමට තමන් පදිංචි ප්‍රදේශයේ සණස ශාඛා සමිති කාර්යාලයට පැමිණීම ප්‍රමාණවත් වේ. විශේෂයෙන්ම මෝටර් රථ රක්ෂණ කටයුතු වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට පාරිභෝගිකයන්ට මෙම නව සේවා ඒකක භාවිත කළ හැකිය.

සණස සාමාන්‍ය රක්ෂණ සමාගම 2019දී ඇරඹූ අතර, සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2022දී සණස සාමාන්‍ය රක්ෂණ සමාගම මෝටර් රථ අංශයේ සියයට 41ක වර්ධනයක් වාර්තා කරමින් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස සාමාන්‍ය රක්ෂණ සමාගම ඉතා කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත්වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දුන් රක්ෂණ සැලසුම් හා පාරිභෝගිකයන්ට සැපයූ විශිෂ්ට සේවයයි.

රටේ ප්‍රමුඛ හා විශ්වාසවන්ත රක්ෂණ සන්නාමයක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සෑම විටම සිය පාරිභෝගිකයන්ට උසස් සේවාවක් සපයයි. සණස සාමාන්‍ය රක්ෂණ සමාගම සිය පාරිභෝගිකයන්ට සේවා අවශ්‍යතා බාධාවකින් තොරව පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරයි. වසර ගණනාවක් පුරා තමන් සමග සිටින ගෞරවනීය ගනුදෙනුකරුවන්ට ස්තූතිවන්ත වන බවත් ඔවුන්ට වැඩි ජවයකින් සහ උනන්දුවෙන් සේවය කිරීමට අඛණ්ඩව කැප වන බවත් සණස සාමාන්‍ය රක්ෂණ සමාගම අවධාරණය කරයි. කළමනාකාරීත්වයේ හා නායකත්වයේ මෙන්ම සියලු සේවකයන්ගේ කැපවීම සහ ශක්තිමත් ව්‍යාපාරික උපාය මාර්ග සමග එක් වී නව තලයකට ආයතනය රැගෙන යාම සණස සාමාන්‍ය රක්ෂණ සමාගමේ ඒකායන අරමුණයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...