100 වැනි ටෙස්ට් ජය ඉනිමක සහ ලකුණු 10කින්, ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට

Share post:

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතරපැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූ අතර මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය ටෙස්ට් ඉතිහාසයේ 100 වැනි ජයග්‍රහණය අද (28 වැනිදා) වාර්තා කළේය.

මෙහිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ඉනිම සංඛ්‍යාවකින්

කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තා අතරට අද (28) පෙරවරුවේ එක්විය.

මෙම ජයත් සමඟ තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කළ අතර එහිදී කුසල් මෙන්ඩිස් (245), නිශාන් මධුෂ්ක (205) ද්විත්ව ශතක රැස් කිරීමට සමත් විය.

මේ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 202 ක් පමණි.

මේ සමඟ ඉනිමකින් සහ ලකුණු 10කින් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අද පෙරවරුවේ පෝල් ස්ටර්ලිං තෙවැනි කඩුල්ල ලෙස දවාගනිමින් 50 වැනි කඩුල්ල සම්පූර්ණ කළ අතර මෙහිදී ප්‍රභාත් ජයසූරිය බිද හෙලනු ලැබුවේ වසර 71 ක් පැරණි වාර්තාවකි.

ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 සම්පූර්ණ කර තිබේ.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී පළමු පිතිකරුවන් සිව් දෙනාම ශතක ලබා ගත් තෙවන අවස්ථාව
එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී පළමු පිතිකරුවන් සිව් දෙනාම ශතක ලබා ගත් පළමු අවස්ථාව.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...