100 වැනි ටෙස්ට් ජය ඉනිමක සහ ලකුණු 10කින්, ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට

Share post:

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතරපැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූ අතර මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය ටෙස්ට් ඉතිහාසයේ 100 වැනි ජයග්‍රහණය අද (28 වැනිදා) වාර්තා කළේය.

මෙහිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ඉනිම සංඛ්‍යාවකින්

කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තා අතරට අද (28) පෙරවරුවේ එක්විය.

මෙම ජයත් සමඟ තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කළ අතර එහිදී කුසල් මෙන්ඩිස් (245), නිශාන් මධුෂ්ක (205) ද්විත්ව ශතක රැස් කිරීමට සමත් විය.

මේ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 202 ක් පමණි.

මේ සමඟ ඉනිමකින් සහ ලකුණු 10කින් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අද පෙරවරුවේ පෝල් ස්ටර්ලිං තෙවැනි කඩුල්ල ලෙස දවාගනිමින් 50 වැනි කඩුල්ල සම්පූර්ණ කළ අතර මෙහිදී ප්‍රභාත් ජයසූරිය බිද හෙලනු ලැබුවේ වසර 71 ක් පැරණි වාර්තාවකි.

ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 7 කදී කඩුලු 50 සම්පූර්ණ කර තිබේ.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී පළමු පිතිකරුවන් සිව් දෙනාම ශතක ලබා ගත් තෙවන අවස්ථාව
එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී පළමු පිතිකරුවන් සිව් දෙනාම ශතක ලබා ගත් පළමු අවස්ථාව.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...