විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ඇන්ජි කෲස් Blockverse සමග අලුත් වැඩක් අරඹයි !

Share post:

ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදකයෙකු වන Angie Cruise Video Productions (ACVP) ආයතනය Blockverse Pvt Ltd (BPL) සමඟ ඩිජිටල් අන්තර්ගත හුවමාරු සහ මාධ්‍ය සංවර්ධන වැඩසටහන් වර්ධනය කිරීම සදහා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.  සිය සේවාදායකයන් සඳහා වැඩි දියුණු කළ ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදනයේදී ආයතන දෙකම මෙම ගිවිසුම හරහා ප්‍රතිලාභ ලබයි. “BPL ආයතනය සමග එළැඹුණු ගිවිසුම හරහා ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදනයේදී ඔවුන්ගේ දැනුම උකහා ගැනීමට අපට හැකි වෙනවා.” ACVP නිර්මාතෘ ඇන්ජි කෘස් මහත්මිය පැවසීය. “ACVP ආයතනය සමඟ කැප වීමෙන් වැඩ කිරීමට අප සුදානම්. මෙම එකමුතුව හරහා ආයතන දෙකටම ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට ඩිජිටල් අන්තර්ගත සමඟ ගුණාත්මක සේවයක් සැපැයීමට හැකි වෙනවා.” BPL කළමනාකාර අධ්‍යක්ෂ K. S. C. කළුපහන මහතා පැවසීය.

Angie Cruise මහත්මිය ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකාරිනියක්, වීඩියෝ අධ්‍යක්ෂකවරියක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වේ. ඇය 2017දී ACVP ඇරඹූ අතර වර්තමානයේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වීඩියෝ අන්තර්ගත නිර්මාණය කරයි. ACVP පසුගිය වසර පහේදී BPLහි වීඩියෝ අන්තර්ගත සංවර්ධනයට සහාය වී ඇත. එසේම ඇය දෙස් විදෙස් සේවාදායකයන්ට වීඩියෝ නිෂ්පාදන සහ සංස්කරණ උපදෙස් සපයා ඇත. Blockverse Pvt Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල්කරණ සහ අලෙවිකරණ සමාගමකි. BPLහි විදේශ කාර්යාල ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වෙයි. BPL සතුව කොළඹ නගරයේ තමන්ගේම මාධ්‍ය නිෂ්පාදන ශ්‍රව්‍ය දෘෂ්‍ය මැදිරියක් ඇත. ඩිජිටල් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ACVP ආයතනය සහ BPL ආයතනය සිය දැනුම සහ අත්දැකීම් බෙදා ගන්නා අතර නිර්මාණාත්මක ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදනය සඳහා වීඩියෝ නිෂ්පාදන කණ්ඩායමට අවශ්‍ය මග පෙන්වීම් සපයයි. ACVP කණ්ඩායම BPLහි සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණ සෘජුවම අධීක්ෂණය කරනු ඇත. අවබෝධතා ගිවිසුම යටතේ BPL ආයතනය නව ව්‍යාපෘතිවලදී  ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත. ACVP ආයතනය ව්‍යාපෘති අවශ්‍යතා අනුව නිර්මාණාත්මක ඩිජිටල් අන්තර්ගත සැකසීමට හා බෙදා හැරීමට ප්‍රමුඛතාව දෙනු ඇත.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...