ගොඩගේ අත්පිටපත් තරගය -2022-2023

Share post:

ඉහත අත්පිටපත් තරගයේ අවසන් වටයට නිර්දේශ අත්පිටපත් නාමාවලිය ග්‍රන්ථ නාම අකාරාදිය අනුව අදාළ තරග අංශය යටතේ පෙළ ගස්වා ඇත.

අවසන් වටයට නිර්දේශිත අත්පිටපත් අතරින් ජයග්‍රාහකයන් තෝරා ගන්නා අතර අවසන් වටය නියෝජනය කරන සියලුම සියලුම අත්පිටපත් ගොඩගේ ප්‍රකාශන ලෙස 2023 මුද්‍රණ වර්ෂය යටතේ මුද්‍රණය කෙරෙනු ඇත.

මෙම ලැයිස්තුව නියෝජනය කරන අත්පිටපත් අතරින් වෙනත් අත්පිටපත් තරග යටතේ ජයග්‍රහණය ලබා ඇති හෝ දැනටමත් මුද්‍රණයෙන් පළ වී ඇති හෝ මුද්‍රණයට යොමු කර ඇති හෝ අත්පිටපත් ඇත්නම් ඒ බව සංවිධායකයන් දැනුවත් කරන මෙන් ඉල්ලමු..

ගොඩගේ පොත් මැදුර නාමය යටතේ මුද්‍රණය කිරීම සඳහා එවැනි කෘති යොමු නොකෙරෙන අතර මුද්‍රණ කටයුතු සිදු වූ පසු හෝ එවැනි තොරතුරක් හෙළිදරව් වුවහොත් තරග ප්‍රතිඵලය අවලංගු කෙරේ..

අවසන් වටයට තේරී ඇති අත්පිටපත් හි කතුවර/වරියන්හට අප්‍රේල් 28 දිනත් මැයි මස 12 දිනත් අතර වැඩකරන සතියේ දිනවල පෙ. ව. 09.00 – 11.00 ත් අතර මරදාන ගොඩගේ පොත් මැඳුරේ දෙවන මහලේ කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී සිටිමු..
එහි පැමිණෙන විට අදාළ අත්පිටපතේ FM Abaya අකුරු මාදිලියෙන් සකස් කළ මෘදු පිටපත soft copy රැගෙන එන ලෙසට දැනුම් දී සිටිමු..

නොවැළැක්විය හැකි හේතුවක් නිසා කාව්‍ය සංග්‍රහ අත්පිටපත් ප්‍රතිඵලය මේ සමග නිකුත් නොකරන අතර එය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව සැලකුව මනාය..

2023 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක ජයග්‍රාහකයන් හට සම්මාන තිළිණ ප්‍රදානය කරනු ඇත.
ජයග්‍රාහකයන් හට සුබ පතන අතර මෙම තරගය සඳහා අත්පිටපත් ඉදිරිපත් කළ සැමට ගොඩගේ පොත් මැඳුරේ සුබ පැතුම් පිරිනැමේ.

අත්පිටපත් තෝරා ගැනීම වෙනුවෙන් සහාය වූ විෂය ප්‍රාමාණික ප්‍රවීණ ලේඛකයන්ට ස්තුතිය පිරිනැමේ..
වැඩි විස්තර සඳහා 071 5 316568 දුරකථනය අමතන මෙන් දැනුම්වත් කෙරේ..

අනුරසිරි හෙට්ටිගේ

(සංවිධායක
2022/23 ගොඩගේ අත්පිටපත් තරගය).

Related articles

බෞද්ධ භික්ෂුණීන්ගේ අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයග්‍රහණය කරයි !

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණී යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ...

ඉරාන – ඊශ්‍රායල් යුද්ධය අපිට දුර ද !

ඉරාන-ඊශ්‍රායල් ගැටුම් තව තවත් වර්ධනය වෙමින් තිබෙන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය මැදපෙරදිගට විතරක් නොව මුළු ලෝකයේ ම ආර්ථිකයට බලපාන...

‘දොන් කිහොතේ’ කියවන පාඨකයකු ඉදිරියේ ලාංකීය දොන් කිහොතේලා දර්ශනය නොවුණහොත් එය පුදුමයකි !

අප කලක් තිස්සේ ජීවත් වන්නේ 'වීරයන්ගෙන් අඩුවක් නොමැති භූමියකය. එය රණවිරුවන් ද රටවිරුවන් ද සුවවිරුවන් ද වශයෙන් සකලවිධ...

ඉරාන මිසයිල ප්‍රහාර විසින් ඊශ්‍රායලයේ සුපිරි බව හාස්‍යයක් බවට පත්කරයි !

එදිරිවාදිකම් නාට්‍යමය ලෙස ඉහළයද්දී , ඉරාන මිසයිල ප්‍රහාර ඊශ්‍රායලයේ ස්වයං ආරක්ෂක පද්ධති සහ ආරක්ෂක යාන්ත්‍රණය තීරණාත්මක දුර්වලතා සහිත...