ගොඩගේ අත්පිටපත් තරගය -2022-2023

Share post:

ඉහත අත්පිටපත් තරගයේ අවසන් වටයට නිර්දේශ අත්පිටපත් නාමාවලිය ග්‍රන්ථ නාම අකාරාදිය අනුව අදාළ තරග අංශය යටතේ පෙළ ගස්වා ඇත.

අවසන් වටයට නිර්දේශිත අත්පිටපත් අතරින් ජයග්‍රාහකයන් තෝරා ගන්නා අතර අවසන් වටය නියෝජනය කරන සියලුම සියලුම අත්පිටපත් ගොඩගේ ප්‍රකාශන ලෙස 2023 මුද්‍රණ වර්ෂය යටතේ මුද්‍රණය කෙරෙනු ඇත.

මෙම ලැයිස්තුව නියෝජනය කරන අත්පිටපත් අතරින් වෙනත් අත්පිටපත් තරග යටතේ ජයග්‍රහණය ලබා ඇති හෝ දැනටමත් මුද්‍රණයෙන් පළ වී ඇති හෝ මුද්‍රණයට යොමු කර ඇති හෝ අත්පිටපත් ඇත්නම් ඒ බව සංවිධායකයන් දැනුවත් කරන මෙන් ඉල්ලමු..

ගොඩගේ පොත් මැදුර නාමය යටතේ මුද්‍රණය කිරීම සඳහා එවැනි කෘති යොමු නොකෙරෙන අතර මුද්‍රණ කටයුතු සිදු වූ පසු හෝ එවැනි තොරතුරක් හෙළිදරව් වුවහොත් තරග ප්‍රතිඵලය අවලංගු කෙරේ..

අවසන් වටයට තේරී ඇති අත්පිටපත් හි කතුවර/වරියන්හට අප්‍රේල් 28 දිනත් මැයි මස 12 දිනත් අතර වැඩකරන සතියේ දිනවල පෙ. ව. 09.00 – 11.00 ත් අතර මරදාන ගොඩගේ පොත් මැඳුරේ දෙවන මහලේ කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී සිටිමු..
එහි පැමිණෙන විට අදාළ අත්පිටපතේ FM Abaya අකුරු මාදිලියෙන් සකස් කළ මෘදු පිටපත soft copy රැගෙන එන ලෙසට දැනුම් දී සිටිමු..

නොවැළැක්විය හැකි හේතුවක් නිසා කාව්‍ය සංග්‍රහ අත්පිටපත් ප්‍රතිඵලය මේ සමග නිකුත් නොකරන අතර එය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව සැලකුව මනාය..

2023 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක ජයග්‍රාහකයන් හට සම්මාන තිළිණ ප්‍රදානය කරනු ඇත.
ජයග්‍රාහකයන් හට සුබ පතන අතර මෙම තරගය සඳහා අත්පිටපත් ඉදිරිපත් කළ සැමට ගොඩගේ පොත් මැඳුරේ සුබ පැතුම් පිරිනැමේ.

අත්පිටපත් තෝරා ගැනීම වෙනුවෙන් සහාය වූ විෂය ප්‍රාමාණික ප්‍රවීණ ලේඛකයන්ට ස්තුතිය පිරිනැමේ..
වැඩි විස්තර සඳහා 071 5 316568 දුරකථනය අමතන මෙන් දැනුම්වත් කෙරේ..

අනුරසිරි හෙට්ටිගේ

(සංවිධායක
2022/23 ගොඩගේ අත්පිටපත් තරගය).

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...