දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Share post:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එහි කිසිඳු වෙනස් කමක් සිදු නොකළ අතර පළමු ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයම දෙවැනි තරගය සදහා ද ක්‍රීඩා කරනු ඇත.

ලහිරු කුමාර හා කසුන් රාජිත මෙම තරගයෙන් ද විවේක ගන්වා ඇති අතර, පැතුම් නිස්සංක හා ඕෂද ප්‍රනාන්දුට සංචිතයේ ඉඩ හිමි වී නැත.
එමෙන්ම තවමත් ටෙස්ට් වරම් නොලැබූ මිලාන් රත්නායක හා දුෂාන් හේමන්ත තවදුරටත් සංචිතයේ රැඳී සිටියි.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායට ඉනිමක සහ ලකුණු 280ක වාර්තාගත ජයක් අත්කර දෙමිනි.

මේ තරගය අවුරුදු 42ක ටෙස්ට් ඉතිහාසයේ ලබාගත්ත ඉහළම ජයග්‍රහණය ලෙස සැලකේ.

මින් පෙර 2004 වසරේදි සිම්බාබ්බේ කණ්ඩායමට එරෙහිව ලංකාව ඉනිමකින් සහ ලකුණු 254කින් ජය ගෙන ඇත.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...