දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Share post:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

එහි කිසිඳු වෙනස් කමක් සිදු නොකළ අතර පළමු ටෙස්ට් තරගය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයම දෙවැනි තරගය සදහා ද ක්‍රීඩා කරනු ඇත.

ලහිරු කුමාර හා කසුන් රාජිත මෙම තරගයෙන් ද විවේක ගන්වා ඇති අතර, පැතුම් නිස්සංක හා ඕෂද ප්‍රනාන්දුට සංචිතයේ ඉඩ හිමි වී නැත.
එමෙන්ම තවමත් ටෙස්ට් වරම් නොලැබූ මිලාන් රත්නායක හා දුෂාන් හේමන්ත තවදුරටත් සංචිතයේ රැඳී සිටියි.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායට ඉනිමක සහ ලකුණු 280ක වාර්තාගත ජයක් අත්කර දෙමිනි.

මේ තරගය අවුරුදු 42ක ටෙස්ට් ඉතිහාසයේ ලබාගත්ත ඉහළම ජයග්‍රහණය ලෙස සැලකේ.

මින් පෙර 2004 වසරේදි සිම්බාබ්බේ කණ්ඩායමට එරෙහිව ලංකාව ඉනිමකින් සහ ලකුණු 254කින් ජය ගෙන ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...