සනත් නිශාන්ත ඇතුළු 32කට මිනීමැරුම් චෝදනා – දේශබන්දුත් සැකකරුවෙක් : සීඅයිඩිය මේ පාරවත් නීතිපතිගේ උපදෙස් පිළිගනියි ද ?

Share post:

ගෝල්ෆේස්හි පැවති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනාගෝගම නම් සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත ව උපදෙස් ලබාදී තිබේ.

මෙම පිරිස අතර සනත් නිශාන්ත ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පහරදීම, තුවාල සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම ඇතුළු චෝදනා යටතේ මෙසේ අදාළ පිරිසෙන් 32 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, ඊට ආධාර අනුබල දීම යටතේ දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කරන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් medialk.com වෙබ්අඩවිය වාර්තා කරයි.

ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර, දේපොළ රැසක් ද විනාශ කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් දැනටමත් සැකකරුවන් ලෙස නම් කර තිබෙන අතර, දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කිරීමට සාක්ෂි ඇති බවට මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සැකකරුවකු ලෙස නම් කළේ නැත.

එසේම ඔහු බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටීමෙන් විමර්ශනයට බාධා විය හැකි බවට ද විවිධ පාර්ශ්ව චෝදනා කළ අතර, නීතිපතිවරයා ද ඒ බව දැනුම් දුන්නද ඔහු ස්ථාන මාරු කිරීමක් හෝ සිදුකෙරුණේ නැත.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ සෘජුව ම දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු ලෙස නම් කරන ලෙස දැනුම්දී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එය නොතකා හැරීමේ අවස්ථාව අවම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ උසස් නිලධාරියා Medialk.com වෙත පවසා තිබේ.

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...