සනත් නිශාන්ත ඇතුළු 32කට මිනීමැරුම් චෝදනා – දේශබන්දුත් සැකකරුවෙක් : සීඅයිඩිය මේ පාරවත් නීතිපතිගේ උපදෙස් පිළිගනියි ද ?

Share post:

ගෝල්ෆේස්හි පැවති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනාගෝගම නම් සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා පහරදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත ව උපදෙස් ලබාදී තිබේ.

මෙම පිරිස අතර සනත් නිශාන්ත ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පහරදීම, තුවාල සිදු කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම ඇතුළු චෝදනා යටතේ මෙසේ අදාළ පිරිසෙන් 32 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, ඊට ආධාර අනුබල දීම යටතේ දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කරන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් medialk.com වෙබ්අඩවිය වාර්තා කරයි.

ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී විරෝධතාවලට 2022 මැයි 09දා සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර, දේපොළ රැසක් ද විනාශ කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් දැනටමත් සැකකරුවන් ලෙස නම් කර තිබෙන අතර, දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු කිරීමට සාක්ෂි ඇති බවට මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සැකකරුවකු ලෙස නම් කළේ නැත.

එසේම ඔහු බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටීමෙන් විමර්ශනයට බාධා විය හැකි බවට ද විවිධ පාර්ශ්ව චෝදනා කළ අතර, නීතිපතිවරයා ද ඒ බව දැනුම් දුන්නද ඔහු ස්ථාන මාරු කිරීමක් හෝ සිදුකෙරුණේ නැත.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ සෘජුව ම දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු ලෙස නම් කරන ලෙස දැනුම්දී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එය නොතකා හැරීමේ අවස්ථාව අවම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ උසස් නිලධාරියා Medialk.com වෙත පවසා තිබේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...