කලබල වෙන්න එපා – ආරක්ෂාව තරකර අවසන් : බුද්ධි තොරතුරක් මත අකුරණට විශේෂ ආරක්ෂාවක් !

Share post:

ව්‍යාජ තොරතුරු සහ කටකතා මත කිසිදු ආකාරයේ කලබලයක් ඇති කර නොගන්නා ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහනුවර, අකුරණ ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඊයේ (18) සිට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරිණි. පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් මෙම තොරතුර පිළිබඳව ආගමික නායකයන් දැනුවත් කිරීමෙන් පසු, ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබිණි.

මහාජ ආරක්ෂක අමාත්‍යංශයට මෙම බුද්ධි තොරතුර ලැබී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන්  thetime.lk කළ විමසීමකදී මහනුවර ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. එම නිසා ජනතාව කලබල වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ඔහු අවධාරණය කළේය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් thetime.lk වෙත සඳහන් කළේ පොලිසියේ ඉල්ලීම මත ප්‍රදේශයට ප්‍රමාණවත් තරම් යුද හමුදා භට පීරිස් යොදවා ඇති බවයි.

මෙම තොරතුර පිළිබඳ ආරංචිය පැතිරයෑමත් සමග එම ප්‍රදේශයේ ජනතාව මාර්ගවල ගැවසීම විශාල වශයෙන් අඩු වී තිබූ අතර, ආගමික ස්ථාන වෙත යෑම ද තරමක් අඩු වී තිබූ බව පොලිසිය සඳහන් කළේය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...