කලබල වෙන්න එපා – ආරක්ෂාව තරකර අවසන් : බුද්ධි තොරතුරක් මත අකුරණට විශේෂ ආරක්ෂාවක් !

Share post:

ව්‍යාජ තොරතුරු සහ කටකතා මත කිසිදු ආකාරයේ කලබලයක් ඇති කර නොගන්නා ලෙස ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහනුවර, අකුරණ ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඊයේ (18) සිට එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරිණි. පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් මෙම තොරතුර පිළිබඳව ආගමික නායකයන් දැනුවත් කිරීමෙන් පසු, ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබිණි.

මහාජ ආරක්ෂක අමාත්‍යංශයට මෙම බුද්ධි තොරතුර ලැබී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන්  thetime.lk කළ විමසීමකදී මහනුවර ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රදේශයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. එම නිසා ජනතාව කලබල වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ද ඔහු අවධාරණය කළේය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් thetime.lk වෙත සඳහන් කළේ පොලිසියේ ඉල්ලීම මත ප්‍රදේශයට ප්‍රමාණවත් තරම් යුද හමුදා භට පීරිස් යොදවා ඇති බවයි.

මෙම තොරතුර පිළිබඳ ආරංචිය පැතිරයෑමත් සමග එම ප්‍රදේශයේ ජනතාව මාර්ගවල ගැවසීම විශාල වශයෙන් අඩු වී තිබූ අතර, ආගමික ස්ථාන වෙත යෑම ද තරමක් අඩු වී තිබූ බව පොලිසිය සඳහන් කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...