දැල් පන්දු ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Share post:

දැල්පන්දු ලෝක කුසලානය – 2023 සඳහා වන ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය විසින් එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

මීට පෙර දැල්පන්දු සම්මේලනය විසින් මූලික සංචිතයක් නම් කළ අතර එම සංචිතය ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස සහ එන්. ප්‍රසාදි යටතේ පුහුණුවීම් කටයුතු සිදු කළාය.

ලෝක කුසලානය සඳහා නම් කළ අවසන් සංචිතය: තිශලා අලගම, සේමිනී අල්විස්, ගයන්ජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, දුලංගි වන්නිතිලක. මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞෂල්‍යා, තර්ජනී ශිවලිංගම්, භාෂිනී යෝෂිතා ද සිල්වා, ශානිකා පෙරේරා.

අතිරේක ක්‍රීඩිකාවන්: ඉමේෂා පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න, තරුෂි නවෝද්‍යා පෙරේරා.

මෙවර දැල් පන්දු ලෝක කුසලාන තරගාවලිය ජූලි 28, වැනිදා සිට අගෝස්තු 6, වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වීමට නියමිතය.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...