දැල් පන්දු ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Share post:

දැල්පන්දු ලෝක කුසලානය – 2023 සඳහා වන ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය විසින් එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

මීට පෙර දැල්පන්දු සම්මේලනය විසින් මූලික සංචිතයක් නම් කළ අතර එම සංචිතය ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස සහ එන්. ප්‍රසාදි යටතේ පුහුණුවීම් කටයුතු සිදු කළාය.

ලෝක කුසලානය සඳහා නම් කළ අවසන් සංචිතය: තිශලා අලගම, සේමිනී අල්විස්, ගයන්ජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, දුලංගි වන්නිතිලක. මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞෂල්‍යා, තර්ජනී ශිවලිංගම්, භාෂිනී යෝෂිතා ද සිල්වා, ශානිකා පෙරේරා.

අතිරේක ක්‍රීඩිකාවන්: ඉමේෂා පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න, තරුෂි නවෝද්‍යා පෙරේරා.

මෙවර දැල් පන්දු ලෝක කුසලාන තරගාවලිය ජූලි 28, වැනිදා සිට අගෝස්තු 6, වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වීමට නියමිතය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...