ආහාර උද්ධමනය 47.6 % යි : අවුරුද්දටත් ජනතාව අමාරුවෙන්

Share post:

ආහාර මිල උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු නවතම වාර්තාව එළිදක්වා තිබේ.

ඒ අනුව 2022 දෙසැම්බර් සිට 2023 මාර්තු දක්වා වූ කාර්තුව තුළ ලොව ආහාර මිල උද්ධමනය වැඩිම රටවල් අතර පළමු තැන ලෙබනනය සිටින අතර දෙවැනි සහ තෙවැනි තැන පිළිවෙළින් සිමිබාබ්වේ සහ ඊජිප්තුවව හිමිව ඇත.

රුවන්ඩාව, ඉරානය, හංගේරියාව, උගන්ඩාව, තුර්කිය, ජර්මනිය, පෘතුගාලය ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් දහය අතර වන බව එම වාර්තාව පෙන්වාදෙයි.

2022 අප්‍රේල් මස ශ්‍රී ලංකාවේ ආහාර මිල උද්ධමනය 45.1 % වන අතර 2023 මාර්තු 23 වැනිදා වනවිට එය 47.6 % ක් වේ.

පසුගිය පෙබරවාරි මස ආහාර මිල උද්ධමනය 49.0 % ක් වන අතර එය මාර්තු 23 වනවිට 47.6 % ක අගයක් ගනී.

ඒ අනුව පසුගිය මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආහාර මිල උද්ධමනය 1.4 % ක සුළු අගයකින් අඩු වී ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිම ආහාර මිල උද්ධමනය වාර්තා වූයේ පසුගිය වසරේ සැප්තෑම්බර් මාසයේදීය එම අගය 85.8% ක් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...