ආහාර උද්ධමනය 47.6 % යි : අවුරුද්දටත් ජනතාව අමාරුවෙන්

Share post:

ආහාර මිල උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු නවතම වාර්තාව එළිදක්වා තිබේ.

ඒ අනුව 2022 දෙසැම්බර් සිට 2023 මාර්තු දක්වා වූ කාර්තුව තුළ ලොව ආහාර මිල උද්ධමනය වැඩිම රටවල් අතර පළමු තැන ලෙබනනය සිටින අතර දෙවැනි සහ තෙවැනි තැන පිළිවෙළින් සිමිබාබ්වේ සහ ඊජිප්තුවව හිමිව ඇත.

රුවන්ඩාව, ඉරානය, හංගේරියාව, උගන්ඩාව, තුර්කිය, ජර්මනිය, පෘතුගාලය ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් දහය අතර වන බව එම වාර්තාව පෙන්වාදෙයි.

2022 අප්‍රේල් මස ශ්‍රී ලංකාවේ ආහාර මිල උද්ධමනය 45.1 % වන අතර 2023 මාර්තු 23 වැනිදා වනවිට එය 47.6 % ක් වේ.

පසුගිය පෙබරවාරි මස ආහාර මිල උද්ධමනය 49.0 % ක් වන අතර එය මාර්තු 23 වනවිට 47.6 % ක අගයක් ගනී.

ඒ අනුව පසුගිය මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආහාර මිල උද්ධමනය 1.4 % ක සුළු අගයකින් අඩු වී ඇත.

ශ්‍රී ලංකාවේ වැඩිම ආහාර මිල උද්ධමනය වාර්තා වූයේ පසුගිය වසරේ සැප්තෑම්බර් මාසයේදීය එම අගය 85.8% ක් වේ.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...