ලෝක සිනමාවේ සොඳුරු අත්තම්මා

Share post:

එංගලන්ත ජාතික අසූඅටවැනි වියෙහි ජූඩි ඩෙන්චි ( Judi Dench 1934 ) මැතිනිය වර්තමාන ලෝක සිනමාවේ සිටින අතිදක්ෂ හා අත්දැකීම්වලින් පිරිපුන් විශිෂ්ටතම සිනමා රංගවේදියක් වන්නේ ය .ඇය විසින් තම අද්විතීය රංගනය උදෙස එදා මෙදාතුර විවිධ ජාත්‍යන්තර සම්මාන දිනාගෙන තිබේ. ඒ අතරින් Academy Award, / Tony Award / Golden Globe Awards / British Academy Television Awards / s British Academy Film Awards and Olivier Awards යනාදිය ප්‍රධාන වේ. එපමණක්ද නොව ඇය අට වතාවක් වසරේ හොදම නිළිය ( Best Actress if the Year ) සදහා වූ ඇකඩමි සම්මානය සම්මානය සදහා නිර්දේශ වී ඇත්තේ ය.
කෝපය ,සතුට , සෙනෙහස , වෛරය , හා වැළපීම නම් කවර හෝ මානවීය චිත්තාවේගයක් වුවද තම රංගනය ගැඹුරු,පෞරුෂය හා චමත්කාරය වෙනුවෙන් ඉතා මැනවින් මුසු කිරීමට ඇති අපූරු හැකියාවද ? එසේම තම රූපය හා කටහඩ චරිතයේ විවිධ මනෝභාවයන්ට අනුව ඉතා සියුම් ඒකාග්‍රතාවයකින් මුසු කිරීමට ඇති ඉහළ හැකියාව ද ? ඇයගේ සිනමා රංගනයේ ඇති අසමසම අනන්‍යතාවය හා හැඩතලය වන්නේ ය.

හොලිවුඩ් හා යුරෝපීය සිනමාවේ අධ්‍යක්ෂකවරුන්ගේ සිට සෑම ක්ෂේත්‍රයකම කොයි කවුරුත් මෙතුමියට දක්වන්නේ ඉමහත් ආදරයකි. එසේම ඉහළ ගෞරවයකි. මෙතුමිය දර්ශන තුලයට පිවසෙත්ම එම දර්ශන තල කිසියම් වූ චමත්කාරයකින් පිරි ඉතිරී යන බව කියැවේ. මෙතුමිය ඉතා විහිළු තහළු කිරීමට ඉතා ප්‍රයතාවයක් දක්වන අතර දර්ශන තලය තුළ විහිළු තහළුවෙන් ගතකොට ඉතා ක්ණිකව තම චරිතයේ වූ මනෝභාවයට ප්‍රවිෂ්ට වීමට ඇයට ඉහළ හැකියාවක් තිබෙව කියැවේ. මෙම කාරණාව තවත් ආකාරයකින් දක්වන්නේ නම් මෙතුමියට තත්පර කීපයක තම රංගන වෙනුවෙන් වුවද සම්මානයක් දිනාගැනීමට හැකිය . ඊට කදීම උදාහරණයකි, Joha Madden විසින් අධ්‍යක්ෂණය කරන ලද Shakespeare in Love – 1998 චිත්‍රපටයේ මෙතුමියගේ ඉතා සුළු රංගනය.

මෙරට තුරණු රංගනවේදීන් විශ්ව සිනමා රංගනය පිළිබඳව හදාරන්නේ ද මෙතුමිය එහිලා සුවිශේෂී චරිතයක් වනු ඇත. කෙටියෙන් කිවහොත් මෙතුම රංගනය පිළිබඳව මහා තක්ෂිලාවක් වන්නේ ය. ඊට මෙතුමියගේ රංගනය කෞෂල්‍යය පිළිබඳව දත් උදවිය මා සමගින් එකඟවනු ඇත.
එම විශිෂ්ට චරිත අට මෙසේ දක්වමි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

ගල් අඟුරු ටෙන්ඩරයේදී ස්වභාවික යුක්ති මූලධර්ම උල්ලංඝනය කරලා – නලින්ද පාර්ලිමේන්තුවේ කියපු 2016 නඩු තීන්දුව මෙන්න !

අධිකරණයේ හෘදය සාක්ෂිය කම්පනයට පත්කරන මට්ටමේ ගනුදෙනුවක් ගල් අඟුරු සම්බන්ධයෙන් සිදු වී ඇති බව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය...

ගල් අඟුරු වංචාවලට පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් : නඩු දාන්නත් සූදානම් : අපි ලෑස්තියි සියල්ල අනාවරණය කරන්න – ඇමැති නලින්ද ජයතිස්ස

මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරන බව...

ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට...

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...