ඔවුන්ගේ සිනහව ඒ සියල්ල කියාපායි…

Share post:

මේ ඡායාරූපයේ සිටින වයසක යුවල වන්නේ මෙවර ඔස්කාර් සම්මානලාභී වාර්තා චිත්‍රපටයක් වන “The Elephant Whisperers” හි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන බොම්මන් (Bomman) සහ බෙලී (Bellie) යුවලයි… දකුණු ඉන්දියාවේ දුෂ්කර වනාන්තර ප්‍රදේශයක ජීවත්වන බොම්මන් සහ බෙලී යුවළ, රඝු නම් අනාථ අලි පැටවෙකු රැකබලා ගැනීම සඳහා තවමත් තම ජීවිතය කැප කරමින් සිටියි… ඔවුන්ගේම දරුවෙක් විදියට මේ අලි පැටවා හදාවඩා ගනිමින් අන් කිසිවකුට නොගැලපෙන පවුලක් බිහි කරමින් මිනිසා සහ සත්ව ලෝකය අතර බාධකය නොමැති බව ඔවුන් පෙන්වා දෙයි…

ඔවුන්ගේ ජීවිත කතාව ඇතුළත් වාර්තා චිත්‍රපටය රූපගතකිරීම් වළින් පසු ඔවුන් ප්‍රථම වරට මෙම ප්‍රශංසනීය ඔස්කාර් සම්මානය අතැතිව මෙම ඡායාරූපයට පෙනී සිටියි… මෙම වසරේ ඇකඩමි සම්මාන උළෙලේදී ඔවුන්ගේ ඉතිහාසය මෙසේ නිර්මාණය විය… අධ්‍යක්ෂ ‘කාර්තිකි ගොන්සාල්වෙස්’ මෙම ඡායාරූපය ජනමාධ්‍ය සමඟ බෙදා ගත්තේ ඇය විසින් සංවිධානය කරන ලද විශේෂ දර්ශනයකදීය… මොවුන් දෙදෙනා මෙම වාර්ථා වැඩසටහන ප්‍රථම වරට දැක ඇත්තේ එහිදිය… එයට හේතුව ඔවුන් තවමත් ජීවත් වන්නේ දුෂ්කර වනාන්තර ප්‍රදේශයක වන අතර එමනිසා ඔවුන්ට රූපවාහිනියට ප්‍රවේශයක් නොමැති වීමයි… මෙම වාර්තා චිත්‍රපටය මාර්තු 13 වන දින හොඳම වාර්තා චිත්‍රපට කෙටි විෂය කාණ්ඩයේ ඔස්කාර් සම්මානය දිනා ගත්තේය.

ධම්මික සමරතුංග

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...