‘නිර්මාණයක් ගෙනදෙන කම්පනය වගේම කම්පනයක් ඒ ගැන ලියවුනු හොඳ ලියවිල්ලකිනුත් ගෙන දෙනවා. ‘

Share post:

සුරේඛා මේ ලිපිය ලස්සනට ලියලා තියෙනවා. මට මේක ඔබත් එක්ක බෙදා ගන්න හිතුනේ මේක කියවපු මගේ යාළුවෙක් කියපු කතාවක් නිසා.
‘නිර්මාණයක් ගෙනදෙන කම්පනය වගේම කම්පනයක් ඒ ගැන ලියවුනු හොඳ ලියවිල්ලකිනුත් ගෙන දෙනවා. ‘

  • අසෝක හඳගම

ඇන්ටික් කඩයක…

අම්මා එක්ක නිරුවතින් නාලා පුරුදු කොල්ලෙක් ගෑනියෙක් ගන්න හදනවා, එයා එක්ක නිරුවතින් නාන්න… ඉන් එහාට ගිය ෆැන්ටසියක් නැද්ද කොහෙද ඒ කොල්ලට… අම්මගෙ තනේ අහිමි වුණු කාංසාවට, පාර්වතී පිළිමෙ තනේ එල්ලුණු ඒ කොල්ලා වැඩිම වුණොත්, කූඩැල්ලෙක් වගේ ඒ කෙල්ලගෙ තනේ එල්ලිලා ඉන්න ආසා වෙයි… මට බය හිතෙනවා හඳගම, අපේ පරම්පරාවේ වැඩිපුරම ඉන්නෙ අසරණ ඊඩිපස් – කොල්ලො…

අර කොල්ලා පුරුෂ ලිංගයෙන්, මුත්‍රා කරනවාට වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්න දන්නෙ නෑ වගේ… ඊට සාපේක්ෂව වයසක ජෝසප් තාමත් කොච්චර වැඩ ගන්නවද ඒකෙන්… කොල්ලා කියන්නෙ තවදුරටත් පුරුෂ ලිංගයෙන් ආස්වාදනය වෙන එකෙක් නෙවෙයි… ඒ මදිවට ඌ එකට බයයි… පුංචි කාලෙ ‘සිප් එකට අහුවුණාම’ත් රිදෙන්න ඇති… ඊට පස්සෙ පරිවාසෙ දි ‘ඕක’ හින්දා පුක පැලෙන්නත් ඇති… ඒ ට්‍රෝමා එකෙන් ගැලවිල්ලක් නෑ වගෙයි, ඌට… උගෙ අම්මයි, සමාජයයි ඒකට වගකියන්න ඕන…

සාමාන්‍යයෙන්, මීට කලින් අපේ නිර්මාණ ගණනාවක ම මං දැකලා තිබුණෙ පුරුෂ ලිංගයෙන් පීඩාවට පත්වන ගැහැනු… ඒ්ත් කාලයත් එක්ක දේවල් වෙනස් වෙලා තියෙන බවට හඳගම කර යෝජනාවට මං සම්පූර්ණයෙන් ම එකඟයි… පුරුෂලිංගයෙන් ගැහැනිය පීඩාවට පත් නොවීමේ යථාර්ථයක් නිර්මාණය වීම හොඳයි… ඒත් උන් (පිරිමි) ‘නෂ්ටකාමයේ’ ගොදුරු බවට පත්වෙන එක කිසිම ගැහැනියක් ඉවසන එකක් නෑ… ඒ හින්දා හරියට බය හිතෙනවා, හඳගම…

අර කෙල්ල ගෙ ‘ආශාවන්’ වලට මොකද වෙන්නෙ… සමහරවිට රෑ එළි වෙනකන් බලන් හිටියත් කිසිම දෙයක් වෙන එකක් නෑ… අවුරුදු ගණන් බලං හිටියත් එච්චර ම තමයි…
ඒ අතරෙ සමහරු කලු සුදු හීන වල හිර වෙලා… මොන කෙහෙල්මලක්ද කියලා හිතෙනවා, හඳගම…

කොහොම වුණත්, අර කෙල්ල ‘වේදිකාවෙන් මහපොළොවට’ බැහැලා, කෑ ගහලා, ‘ජීවිතය’ ගයන තැන තමයි, මගේ ගැහැනු ආත්මයේ ‘ක්ලයිමැක්ස්’ එක… ඒක මාරයි… කියල වැඩක් නෑ, හඳගම…

දැනටමත් කුණු කාණු පල්ලේ අත ගගා ජීවිතය හොයන්න පටන් අරං තියෙන අයට ‘ටෝච්’ අල්ල අල්ල ‘සමහර තැන්’ පෙන්නුවාට ස්තූතියි…

ඔයා කියන එක හරි, හඳගම… ජීවිතේ තිබුණෙ/ තියෙන්නෙ අපි හොඳට ‘ප්ලෑන්’ කරලා ගියපු/ යන තැන් වල නෙවෙයි… අහම්බ මොහොතවල් වල… නොහිතපු/නොහිතන අහු මුළු වල…

අන්තිමේදි නාට්‍ය ඉවර කරලා ඔයා වේදිකාවට නඟිනකොට ‘ආදරෙයි හඳ…’ කියලා කෑගහන්න තරමට අනුරාගය අවදි වෙලා තිබුණත්, මගේ වම්පැත්තෙ හිටපු ‘ගැහැනිය’ එහෙම කරන්න එපා කිව්වා…

සුරේඛා සමරසේන

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...