යාපනයේදී අන්තරේට මොකද වුණේ ? : EPDP කිව්වෙ එයාලමයි – මුදලිගේ : ඕව අපි නොදන්න විරෝධතා – දේවානන්දා

Share post:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු එහි ක්‍රියාකාරීන් පිරිසකට පසුගිය 25දා යාපනයේදී ජනතාව විරෝධය පළකළ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.

ශිෂ්‍ය බල මණ්ඩල පිරිස සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් පවත්වන අතර පිරිසක් පැමිණ එම සාකච්ඡාව පැවති යාපනය රිම්මර් ශාලාව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. යාපනයේ ජනතාව අතර ප්‍රචණ්ඩත්වය ඇති නොකරමින් යාපනයෙන් පිට වන ලෙස එම විරෝධතාකරුවන් විසින් අවධාරණය කෙරිණි.

උණුසුම් වචන හුවමාරුවක්

මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ මෙම පිරිස මෙහෙයවා ඇත්තේ ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා නායකත්වය දරන EPDP පක්ෂයේ (Eelam People’s Democratic Party) හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් බවයි. මේ පිරිසෙන් බහුතරය බීමත් ව, ලබාදුන් උපදෙස් අනුව කටයුතු කර නැති බවට විරෝධතාවෙන් පසු අදාළ මන්ත්‍රීවරයා චෝදනා කිරීමත් සමග උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වී තිබේ.

දේවානන්දා කියන දේ

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකදී EPDP නායක ඩග්ලස් දේවානන්දා පැවසුවේ මෙම විරෝධතාවට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. එවැනි සම්බන්ධයක් ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එය දේශපාලන අරමුණු සඳහා සිදුකරන ව්‍යාජ ප්‍රචාරයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

එම පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් අදාළ විරෝධතාව මෙහෙයවීම පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ පක්ෂය කිසිදු අවස්ථාවක එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් නොගත් බවයි. අදාළ ඡායරූපවලට අනුව පක්ෂයේ ක්‍රියාකාරීන් හෝ මන්ත්‍රීවරුන් කිසිස්වකු එහි නොමැති බව ද ඩග්ලස් දෙවනනන්දා සඳහන් කළේය.

එහිදී අප විමසුවේ සාමාන්‍යයෙන් මෙහෙයවන පුද්ගලයන් ඡායාරූපවලට නොපැමිණෙන නිසා මෙය ද එවැන්නක් විය නොහැකිද යනුවෙනි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් දේවානන්දා ඇමතිවරයා පැවසුවේ තම පක්ෂය මෙම විරෝධතාව පිටුපස නොසිටි බව පමණක් පැවසිය හැකි බවයි. දීර්ඝ කාලයක් තිස්සේ යාපනයේ දේශපාලන කටයුතුවල නිරත EPDP පක්ෂය නොදැන මෙවැනි විරෝධතා එහි පැවැත්විය හැකිද යනුවෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ එවැනි විරෝධතා ඕනෑ තරම් පැවතිය හැකි බවයි.

මුදලිගේ තැබූ සටහන

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මෙසේ පවසයි.

‘25දා අන්තරේ PTA අහෝසි කරන්න බලකරමින් යාපනය නගරයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. යාපනයේ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ඒකට සම්බන්ධ වුණා. ඒ වගේම ඩග්ලස් දේවානන්දාගේ (EPDP) පක්ෂයේ 25ක වගේ පිරිසක් ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් එක්ක ඇවිත් හෝල් එක ඉස්සරහා voice cut එකක් මීඩියාවලට දුන්නා ටිකක් අමාරුවෙන් වැනි වැනී. එයා කිව්වා එයාලට අපි කියන ප්‍රශ්න නෑ කියලා. ඒ වගේම අරගලයක් ගැන එයා දන්නේ නෑ කියලා එයාම EPDP කියලා කිව්වා. ඇත්ත. අපි කියන ප්‍රශ්න ඩග්ලස්ගේ පක්ෂයටවත්, ඒ ආව සභාපතිටවත් නෑ. තමන්ගේ අතුරුදන් වුණ දරුවට මරණ සහතිකයක් හරි දෙන්න කියන ප්‍රශ්නය ඩග්ලස්ට නෑ. PTA එකේ අපි කියන මර්දනය ඒ පක්ෂයට නෑ ආණ්ඩුවේ ඔඩොක්කුවේ හුරතල් වෙන නිසා. ඒ නිසා ඊයේ ‘යාපනය ජනතාව විරෝධය දැක්වූවා කියන එක…, EPDP පක්ෂය විරුද්ධ වුණා කියලා වෙනස් වෙන්න ඕන.’ එයාලගේ බල දේශපාලනයට අභියෝගයක් වෙන නිසාම මේක බලාපොරොත්තු විය යුතු තත්වයක්. හැබැයි අපිට ඒක අදාළ වුණේවත් නෑ. සම්මන්ත්‍රණය සිද්ධ වුණා. යාපනේ ඇවිදලා එහේ අය හදලා දුන්න කෑමත් කාල හවස ක්‍රිකට් එහෙමත් ගහලා කොළඹ ආවා. අපි ආයෙත් ළඟදිම යාපනේ යනවා.’

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...