දකුණු ආසියානු නීතිඥයන්ගේ ක්‍රිකට් කුසලානය කොළඹදී !

466

දකුණු ආසියානු නීතීඥයින්ගේ ක්‍රිකට් කුසලානය 30 වනදා සිට අප්‍රේල් 5 වන දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ලෝයර්ස් ක්‍රිකට් හා එක්ව CAAI හි ක්‍රිකට් නීතිඥ සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

ඉන්දියාවෙන් බැංගලෝර්, දිල්ලි, මුම්බායි සහ කල්කටා, පකිස්ථානයෙන් ලාහෝර් සහ කරච්චි, බංග්ලාදේශයෙන් ඩකා සහ ශ්‍රී ලංකාවෙන් කොළඹ කණ්ඩායම් තරගයට ඇතුළත් වේ.

මෙම සියලු තරග කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්ගර් විනෝද ක්‍රීඩා සමාජය (BRC) සහ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය අප්‍රේල් 5 වැනිදා කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.